BREAKING NEWSEXCLUSIVE

බලෙන් ඉඩම් පවරාගත් බවට යුද හමුදාවට එරෙහිව පවරා තිබු නඩුව නිශ්ප්‍රභ කෙරේ

හැටන් කොටගල ප්‍රදේශයේ සිවිල් පුද්ගලයන්ගේ ඉඩම් බලහත්කාරයෙන් අත්පත්කර ගෙන මහජන සාමය කඩවනආකාරයෙන් කටයුතු කළ බවට චෝදනා ගොනු කරමින් යුද හමුදාවට එරෙහිව හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයේපවරා තිබූ නඩුව නිශ්ප්‍රභ කර තිබෙනවා.

එම ප්‍රදේශයේ යුධ හමුදාවෙව් 581 බලසේනාව පිහිටුවීමේ දී යුද්ධ හමුදාව විසින් සිවිල් පුද්ගලයන්ට අයත් ඉඩම්බලහත්කාරයෙන් අත්පත් කර ගෙන ප්‍රදේශයේ සාමය කඩවන ආකාරයෙන් කටයුතු කරනු ලබන බවට චෝදනාකරමින් එම ප්‍රදේශයේ පිරිසක් විසින් අදාළ නඩුව ගොණු කර තිබුණි.

එහිදී නඩුවේ දෙපාර්ශවයෙන් ඉදිරිපත් කරන ලද කරුණු සළකා බලා, නඩුවේ වගඋත්තරකාර පාර්ශවය යුද හමුදාවවන බවත්, රජයේ පාර්ශවයක් වන යුද හමුදාව මඟින් පැමිණිලිකරුවන්ට එරෙහිව සාමය කඩවීමක් සිදුවී ඇති බවපැමිණිලිකරුවන් විසින් සාධක සහිතව නිවැරදිව ඔප්පුකර නොමැති බව මහෙස්ත්‍රාත් එන්.පටබැඳිගේ මහත්මියනඩුව නිශ්ප්‍රභ කරමින් ප්‍රකාශ කර සිටියා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button