BREAKING NEWSEXCLUSIVEPOLITICS
පාස්කු ප්රහාරයට සිද්ධියට සම්බන්ධ විත්තිකරුවන් 25 දෙනෙකුට එරෙහිව නඩුව කැඳවීමට දින නියමකෙරේ

පාස්කු ඉරුදින එල්ල කළ ත්රස්ත ප්රහාර සිද්ධියට සම්බන්ධ විත්තිකරුවන් 25 දෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුව ඔක්තෝම්බර් මස 04 වනදා කැඳවන ලෙස කොළඹ ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කර තිබෙනවා.
සභාපති විනිසුරු දමිත් තොටවත්ත, අමල් රණරාජා සහ නවරත්න මාරසිංහ යන මහාධිකරණ විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.
මේ බව දන්වා බන්ධනාගාරගතව සිටින අදාළ නඩුවේ විත්තිකරුවන් වෙත සිතාසි නිකුත් කරන ලෙසද ත්රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් කරනු ලැබූ නියෝගයේ දැක්වෙනවා.
විත්තිකරුවන්ට එරෙහිව ගොනුකර තිබෙන අධිචෝදනා පත්ර එදින ඔවුන්ට බාරදීමට නියමිතයි.
කිතුණු දේවස්ථාන හා සංචාරක හෝටල් ඉලක්ක කරගනිමින් 2019 වසරේදී එම ප්රහාර එල්ල වුණා.