BREAKING NEWSEXCLUSIVEINTERNATIONAL NEWSPOLITICS
පාස්කු වින්දිතයින්ට යුක්තිය ඉල්ලා කාදිනල් හිමි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් හමුවට..!

අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියන් අද පෙරවරුවේ එක්සත් ජාතින්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් මිෂෙල් බැෂෙලේ මහත්මියව හමුව තිබෙනවා.
ස්විට්සර්ලන්තයේ ජීනිවා නුවර පිහිටි එක්සත් ජාතින්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලයේදී එම හමුව සිදුවී ඇත.
මෙම සාකච්ඡාව සඳහා අගරදගුරු හිමියන්, අගරදගුරු ලේකම්වරයා සහ අගරදගුරු හිමියන් වෙනුවෙන් පාස්කු ප්රහාරය පිළිබඳ ජනාධිපති කොමිසම නියෝජනය කළ ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා මහතා ද සහභාගීවී තිබේ.
පාස්කු ඉරුදින ත්රස්ත ප්රහාරයේ වින්දිතයන්ට යුක්තිය දිනාගැනීම සඳහා ගෙනයන්නාවු වැඩපිළිවෙලට එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සහාය ලබාගැනීම මෙම හමුවේ අරමුණය.