BREAKING NEWSEXCLUSIVEPOLITICSVIRAL NEWS

” ගංජා නීතිගත කිරීමේ පනත කඩිනමින් පාර්ලිමේන්තුවට ගෙන එනවා. ” – ඩයනා ගමගේ

ශ්‍රී ලංකාවේ ඖෂධීය මර්ජුවානා වගා කිරීම සහ අපනයනය නීතිගත කිරීම අත්‍යවශ්‍ය කාරණයක් බවත් මේ සඳහා මේ වන විට කටයුතු කරමින් සිටින බව ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් වන ඩයනා ගමගේ මහත්මිය පවසනවා.

ද මෝනිං පුවත්පතට අදහස් දක්වමින් ඇය ප්‍රකාශ කළේ මේ සඳහා දැනටමත් පනතක් සූදානම් වෙමින් පවතින අතර ඒ සදහා ලංකාවේ ඉහළම ආයුර්වේද වෛද්‍යවරුන් සමඟ සාකච්ඡා කරමින් සිටින බවයි.

ඇය සමගි ජන බලවේගය පක්ෂයෙන් පාර්ලිමේන්තුවට පැමිණ මේ වන විට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරියක් ලෙස කටයුතු කරයි.

ලෝකයේ මර්ජුවානා කර්මාන්තය ඩොලර් බිලියන ගණනක් වටිනා එකක් බවත් ජාත්‍යන්තර ණය පියවීමට මෙමඟින් විශෘල දායකත්වයක් සපයාගත හැකි බව ඇය සඳහන් කරනවා.

“අපි කතා කරන්නේ විශාල කර්මාන්තයක් ගැන. මම අදහස් කරන්නේ මෙය අපනයනය සඳහාම පමණක් නොවේ. අද වන විට ඖෂධීය අරමුණු සඳහා. රූපලාවණ්‍ය නිෂ්පාදනවල සිට පරිභෝජන භාණ්ඩ සහ ආහාර පාන දක්වා බොහෝ කර්මාන්තවල මර්ජුවානා භාවිතා වෙනවා. අපේ ඉතිහාසය දෙස ආපසු හැරී බැලුවොත්, ශ්‍රී ලංකාවේ මෙය තහනම් කළ බ්‍රිතාන්‍යයෙන් විසින්. අද වන විට කොකේන් හා හෙරොයින් වැනි අනෙකුත් සියලු‍ම මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී සිටින බොහෝ පුරවැසියන් අපට පේනවා. ගංජා මත්ද්‍රවයක් ලෙස වර්ගීකරණය කිරීම තමයි අපිට වැරැදුණේ.“

රට තුළ ගංජා භාවිතය නීති විරෝධී වුවද බොහෝ අය එය භාවිතා කරන බව ඇය සඳහන් කරන අතර මෙය භාවිතා කරන්නන් රසායනික ද්‍රව්‍යවලින් දූෂිත මර්ජුවානා භාවිතා කිරීමට පෙලඹී ඇති බව ඇය වැඩි දුරටත් පවසනවා.

පසුගිය අපේ‍්‍රල් මාසයේ දී පාර්ලිමේන්තුවේදී ඇය ප්‍රකාශ කළේ ඖෂධීය මර්ජුවානා වගා කිරීම හා ශ‍්‍රී ලංකාවෙන් වෙනත් රටවලට අපනයනය කිරීම නීතිගත කළ යුතු බවයි. කෙසේ වෙතත්, ඇගේ යෝජනාවට දැඩි විවේචන එල්ල වුණු අතර මෙයට ප්‍රතිචාර වශයෙන් ගමගේ මහත්මිය මෝනිං පුවත්පතට ප්‍රකාශ කළේ එවැනි විවේචනවලට තමන් නොසැලෙන බවයි.

මිනිස්සු මේ රටේ සෑම දෙයක්ම විවේචනය කරනවා, එය සාමාන්‍ය දෙයක්. මෙය ගෝලීය වශයෙන් පිළිගෙන ඇති අතර රටවල් 50 කට අධික සංඛ්‍යාවක් ගංජා වගාවේ නිරත වෙනවා. එය අපගේ ආයුර්වේද ප්‍රතිකාර සඳහා ද අත්‍යවශ්‍ය සාධකයක්. ඒ ගැන විවේචනය කිරීමට කිසිවක් නෑ. මෙය සම්පුර්ණයෙන්ම ක්‍රියාවට නැංවූ පසු සහ ප්‍රතිලාභ ලැබීමෙන් පසු එය නිවැරදි තීරණයක් බව ඔවුන්ට වැටහෙනු ඇතැයි ඇය වැඩි දුරටත් සඳහන් කළේය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button