BREAKING NEWSEXCLUSIVEPOLITICSVIRAL NEWS

ලොවම කළඹමින් සුප්‍රසිද්ධ රාජ්‍ය නායකයින් ඇතුළු රැසකගේ ඩොලර් බිලියන 100ක කළු සල්ලි එළියට..!

ඇමරිකානු ඩොලර් බිලියන 100ක පමණ වත්කම් සහිත ස්විස් බැංකු 18,000ක පමණ තොරතුරු ජාත්‍යන්තර මාධ්‍ය මගින් හෙළිදරව් කර තිබෙනවා.

ස්විස්ටර්ලන්තයේ Credit Suisse බැංකුවෙන් එම රහස්‍ය තොරතුරු යම් පුද්ගලයෙක් (whistleblower) විසින් පිටකර ඇති බව වාර්තා වන්නේ.

අදාල ගිණුම් හිමියන් අතර නමගිය අපරාධකරුවන්, මානව හිමිකම් කැඩූ පුද්ගලයින් සහ විවිධ තහනම්වලට ලක්වූ ව්‍යාපාරිකයින්ද අයත් බව වාර්තා වෙයි.තවද,  රාජ්‍ය නායකයින් කිහිපදෙනෙක් ගේ නම් ද තිබෙන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එම තොරතුරු ලොව දැඩි අවධානයට ලක්වූ “පැනමා පේපර්ස්” සිද්ධිය හා සමාන බව නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත වාර්තා කළේය. 1940ත් 2010ත් අතර කාලය තුළ තිබූ ගිණුම් සම්බන්ධයෙන් එම තොරතුරු වල සටහන්ව ඇති බව මාධ්‍ය වාර්තා විසින් හෙළිදරව් කර සිටිනවා.

“Organized Crime and Corruption Reporting Project” සහ පුවත්පත් ආයතන 46ක් එකතුව සිදුකළ ගවේෂණයකින් එම කරුණු අනාවරණය වී තිබේ එසේ තොරතුරු හෙළිදරව් වී ඇති සමහර ගිණුම් මේ වනවිට අක්‍රිය බවද වැඩි දුරටත් සදහන්.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button