BREAKING NEWSEXCLUSIVEPOLITICSVIRAL NEWS

ලක්ෂ 90ක පඩියට ගත් ශ්‍රීලංකන් සුදු ප්‍රධානියා වැඩ අල්ලයි, මිලියන 600ක වංචාවක් යට ගහයි..!

ශ්‍රී ලංකන්ස් ගුවන් සේවයේ පාලනාධිකාරිය තුල සිදුවන තවත් මහා මූල්‍ය වංචාවක් පිළිබඳව වාර්තා වනවා.

ශ්‍රී ලංකන් ගුවන්සේවයේ අලෙවි අංශ ප්‍රධානී දිමුතු තෙන්නකෝන්, ශ්‍රී ලංකාව හා මාලදිවයිනේ ජ්‍යෙෂ්ඨ කලාප කළමණාකරු ජයන්ත අබේසිංහ හා සෞදිඅරාබියේ ගුවන්සේවා කළමණාකරු සමන්ත නාගහවත්ත යනනිලධාරීන් තිදෙනා විසින් ගුවන්සේවයේ නිරෝධායන පැකේජ මෙහෙයවීම මගින් රුපියල් මිලියන 600කටවඩා වැඩිමුදලක් වංචා කර ඇති බව ගුවන්සේවයේ අභ්‍යන්තර විගණන අංශ වාර්තා මගින් තහවුරු කර තිබෙනවා.

ගුවන්සේවයේ රහස්‍ය විගණන වාර්තා වලින් හෙළිකොට ඇති තොරතුරු වලට අනුව මෙම නිලධාරීන් විසින්සෞදි අරාබිය කරා රැකියා සඳහා යන මගීන් විසින් අනිවාර්යෙන් ලබාගත යුතු සෞදි නිරෝධායන පැකේජයිපහත පරිදි වංචා කර ඇත්තේ.

1. 2021 මැයි මස සෞදි රජය විසින් පැනවූ නීතියට අනුව සෞදි අරාබිය වෙත යන සියලු මගීන් සඳහානිරෝධායන පැකේජ ලබාදීමේ වගකීම ශ්‍රීලංකන් ගුවන්සේවය සතුවිය. අදාළ පැකේජ ගුවන්සේවය විසින්සකස්කර මගීන්ට මිලදී ගැනීම සඳහා ඉදිරිපත් කර යුතුව තිබුණි.

 

2. ගුවන්සේවය මගින් මෙම පැකේජ සකස්කර මගීන්ට ඉදිරිපත්කිරීම මැයි මස වන විට සිදුකළ අතර ශ්‍රීලාංකික, ඉන්දීය හා බංගලාදේශ ඇතුලු සෞදියේ සේවය කරන විශාල මගීන් පිරිසක් මේවා මිලදීගෙනශ්‍රීලංකන් ගුවන්සේවය සමගින් සෞදියට පැමිණ නිරෝධායනයව තිබුණි. මින් ශ්‍රී ලංකන් ගුවන්සේවයසැලකිය යුතු ආදායමක් මෙන්ම ගුවන් මගීන්ටද ප්‍රමිතියකින් යුත් නිරෝධායන පහසුකමත් තහවුරු කරතිබුණි.

නමුත් සාර්ථකව ක්‍රියාත්මක වෙමින් තිබුණු ක්‍රියාවලිය හදිසියේම 2021 ජුනි සිට සෞදි නිරෝධායනරෙගුලාසි වලටද පටහැනිව හදිසියේම ශ්‍රී ලංකාවේ පුද්ගලික ආයතනයක් වන ජෙට්වින්ග් ටුවර්ස් ආයතනයවෙත ලබාදීමට අලෙවි අංශ ප්‍රධානී දිමුතු තෙන්නකෝන් නැමැත්තා විසින් තීරණය කර තිබුණි. මෙම තීරණයගෙන ඇත්තේ ඉහත කී ජෙට්වින්ග් ආයතනයට සෞදි ආරබියේ මෙවැනි මෙහෙයුමක් පිළිබඳ අල්ප මාතුයකහෝ දැනුමක් නොතියබියදීය.

ශ්‍රී ලංකාවේ අලෙවි ප්‍රධානියා හා ශ්‍රී ලංකාවේ කලමණාකරු ජයන්ත විසින් ප්‍රසම්පාදන නීති කඩකරමින් සෞදිනීති වලටද පටහැනිව ජෙට්වින්ග් ආයතනය පත්කොට ඇති අතර ඔවුන් විසින්ම සෞදි ශ්‍රීලාංකිකනිරෝධායන නියෝජිත ආයතනය ජෙට්වින්ග් සමග සම්බන්ධීකරණය කොට ඇත. ඊට අමතරව මෙමපැකේජයන්ගේ මුළු මෙහෙයවීමම ශ්‍රීලංකන් ගුවන්සේවයේ අලෙවි නිලධාරින් ලවා සිදුකර ගැනීමටත්, සියලුමශ්‍රී ලංකිකයින්ට ශ්‍රීලංකන් ආයතනයේ, පැකේජ වෙනුවට ජෙට්වින්ග් පැකේජ ප්‍රවර්ධනය කිරීමටත් මෙමනිලධාරීන් කටයුතු කර ඇත. දැනට රහස්‍යව පවතින විගණන වාර්තාවේ මෙකී සියලු කරුණු කාරණාපැහැදිලිවම දක්වා ඇත.

මෙමගින් මෙම නිලධාරීන් 2021 ජුනි මාසයේ සිට 2021 දෙසැම්බර් දක්වා පමණක් මිලියන 600ආදායමක් ජාතික ගුවන්සේවයට අහිමි කර ඇත.

අදාළ සියලු කටයුතු වලට මූලිකත්වය ලබාදුන් සෞදි අරාබියේ ශ්‍රී ලංකන් ගුවන්සේවා කළමණාකරු සමන්තනාගහවත්ත මීට සමගාමීව සෞදි සමාගමක් සමග කූට නිරෝධායන සමාගමක් පවා ආරම්භ කර ඇති අතරඑමගින් බංගලාදේශයේ සිට සෞදි අරාබියට යන මගීන්ට මෙම පැකේජ 1000කට අධික ප්‍රමාණයක්අලෙවිකර ඉන් රුපියල් මිලියන 200කට අධික මුදලක් ශ්‍රී ලංකන් ගුවන්සේවයට අහිමි කර ඇත. මෙමවංචාවද විගණන අංශ විසින් හෙළිකොට වාර්තාවක් සකස්කොට ඇත.

මෙම වාර්තා ශ්‍රීලංකන් ගුවන්සේවයේ සභාපති, හිටපු/ වත්මන් ප්‍රධාන විධායක නිලධාරී හා විගණන කමිටුප්‍රධානීන් අතට පත්ව කලක් ගතව ඇතත් අදිසි හස්තයක් විසින් මෙම පරීක්ෂන යටපත් කොට ඇත. හිටපුප්‍රධාන විධායක නිලධාරියාගෙන් පසු එම තනතුරට පත්කොට තිබෙන රුපියල් ලක්ෂ 90 වැටුප් ලබන වයස72ක් වන රිචඩ් නුටෝල් නම් විදේශිකයා මෙම වංචාව වසන් කිරීම වෙනුවෙන් මේ වන විටත් මූලිකත්වයගෙන ක්‍රියාකරමින් සිටින අතර ඔහුට දැනටමත් පෙරකී නිලධාරීන් ඇතුලු පිරිස ආරක්ෂා කරන අදිසිහස්තයන්හි වරදාන, වරප්‍රසාද පවා හිමිව ඇති බව වාර්තා වේ.

තවදුරටත් මෙම වංචා සහගත පැකේජ ජෙට්වින්ග් සමාගම හරහා මෙහෙයවීමට මොවුන් පෙළඹී ඇති අතරමේ සටහන තබන මෙහොතේදීත් මෙම වංචාව ගජරාමෙට සිදුවෙමින් පවතී.

අප සියලුදෙනා දන්නා පරිදි ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතන අතර වැඩිම පාඩු ලබන ආයතනය වන්නේ ශ්‍රීලංකන්ගුවන් සමාගමයි. බිලියන 150කට අධික ණය බරක් මෙන්ම දිනෙන් දින ලබන පාඩුව දේශපාලකයන්ට හාවෙනත් හේතුවලට බැර කරද සත්‍ය වශයෙන්ම පාඩුවෙන් වැඩි ප්‍රමාණයකට හේතුව මෙම ආයතනයේ චෞරඉහළ නිලධාරී කණ්ඩායම බව ඉතා පැහැදිලිය. කවර ලෙස ආණ්ඩු මාරු වුණත්, සභාපති, ලේකම්වරු මාරුවුවත් මෙම චෞර, ඉහළ නිලධාරීන් සැමදා සුරක්ෂිතය. විශේෂයෙන් ශ්‍රී ලංකන් වාණිජ අංශය නම්හොරකමට, වංචාවට කප් ගැසූ අංශයක් ලෙස මුළු ගුවන්සේවා කර්මාන්තයම පාහේ දනී. මෙම අංශයේඉහළ කළමනාකාරීත්වයේ හිඳ විශ්‍රාම ගිය බොහෝ දෙනා බිලියනපතියන් බවට පත්ව ඇති අතර ඔවුන්ගේගෝලයින්ද තවමත් කිසිදු ඉහෙන් බහින රෝගයකින් තොරව මෙම කටයුත්තේ නියැලෙමින් සිටී.

යහපාලන ආනුභාවයෙන් පත්විම් ලද අලෙවි අංශ ප්‍රධානී දිමුතු තෙන්නකෝන් මීට පෙරද මෙවැනි වංචාකටයුතු වලට හසුව ඇතත් ඔහු යහපාලන දේශපාලකයින්ගේ පිහිටානුභාවයෙන් මේ වනතුරුත් කටයුතුකරමින් සිටී. යහපාලන රජය යටතේත්, වර්තමාන රජය යටතේත් වංචා, දූෂණ වැරදි කෙතරම් කළද බේරීසිටීමට තරම් මොහු සූක්ෂම වී ඇත. දිමුතුගේ කොළඹ නගරය තුළ පමණක් ඇති වත්කම් සොයා බැලුවේනම් මොහු විසින් කර ඇති වංචාවල තරම ගැන ඕනෑම අයෙකුට අවබෝධයක් ලබාගත හැකිය.

දැන් ඔහු නව ප්‍රධාන විධායක නිලධාරී රිචඩ් නුටෝල්ගේ සන්ටැඹියා ලෙට කටයුතු කරමින් සිටී. එමගින්විදේශිකයාගේ චෞර වළල්ලේ තරම අපට සිතා ගත හැකිය.

ගුවන්සේවය යලි ගොඩනැගීමට ලක්ෂ 90කට පඩියටකට රැකියාවට ගත් විදේශිකයා වන රිචඩ් නුටෝල් දැන්මෙම වංචාකරුවන් රැක ගැනීම වෙනුවෙන් දිවා රෑ නොබලා වෙහෙසෙමින් සිටී. , විගණන වාර්තා වලින්හෙළිකොට ඇති මෙම වංචාව ගැන අල්ප මාත්‍රයක හෝ පියවරක් නොගනිමිනි. බොහෝවිට විදේශිකයකුහදිසියේම මෙවැනි තනතුරකට බඳවා ගන්නට ඇත්තේද ඉහත වංචාව යටගැසීමේ අරමුණින්ම විය හැක.

ගුවන්සේවයේ බහුතර සේවකයන් තම සේවය උපරිමයෙන් ආයතනයට ලබාදුන්නද අල්පයක් වූ චෞරනිලධාරීන් ගුවන්සේවයේ මුදල් කෝටි ගණනින් වංචා කිරීම හේතුවෙන් ආයතනය දිගින් දිගටම දැඩි අලාභලබමින් සිටී. හේතුවෙන් වැටුප් කප්පාදු වලින් පවා වැඩිම වන්දියක් ගෙවන්නේ අහිංසක සාමාන්‍ය සේවකපිරිසයි.

සුළු සේවකයකු අතින් වතුර බෝතලයක්, ආහාර පාර්සලයක්, හාෆ් ෂීට් කොළයක් අස්ථාන ගතවුවත් ගෙදරයවන්නට පසුබව නොවන ශ්‍රීලංකන් ප්‍රධානීන් මෙවැනි වෞර රජුන් ඉදිරියේ පතෝල න්‍යායක් අනුගමනයකිරීම මගින් පැහැදිලි වන්නේ එදා මෙන්ම අදත් ජාතික ගුවන්සේවයේ ප්‍රතිපත්තිය මහහොරු ආරක්ෂා කිරීමබවයි.

 

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button