BREAKING NEWSEXCLUSIVE

සියදිවි නසා ගත් රූ රැජිණ

ඇමරිකාවේ හිටපු රූ රැජිනක්, නීතිඥවරියක් සහ රූපවාහිනී පෞරුෂයක් වන චෙස්ලි ක්‍රිස්ට් ඉරිදා උදෑසන මෑන්හැටන් හි නිවාස සංකීර්ණයක ඉහළ තට්ටුවකින් පහළට පැන සිය දිවි නසාගෙන ඇති බව වාර්තා වනවා.

30 හැවිරිදි චෙස්ලී ක්‍රිස්ට් එම නිවාස සංකීරණයේ 9 වැනි මහලේ ජීවත් වී තිබුණි. ඇයගේ සිරුර උදෑසන 7 ට පමණ නිවාස සංකීර්ණය අසල පිහිටි මං තීරුවක තිබිය දී හමු වී ඇති අතර ඊට පෙර ඇය එම ගොඩනැගිල්ලේ 29 වැනි තට්ටුවේ සිටින අයුරු සමහරුන් විසින් දැක තිබෙනවා.

නිව්යෝර්ක් පොලිස් දෙපාර්තමේන්තුව පවසන්නේ එය සිය දිවි නසාගැනීමක් බවයි. මෙම දිවිනසාගැනීමට නිශ්චිත හේතුව තවම පැහැදිලි නැත. නමුත් ඇය මානසික ගැටලුවලට මැදිව සිට ප්‍රතිකාර ලැබූ තැනැත්තියක බවට විදෙස් වාර්තා සඳහන් කර තිබේ.

2019 ඔක්තෝම්බර් මාසයේදී, ක්‍රිස්ට් ලෝක මානසික සෞඛ්‍ය දිනය වෙනුවෙන් ෆේස්බුක් හි කතා කරමින්, ඇය ආතතියට මුහුණ දුන් ආකාරය පිළිබඳ උපදෙස් ඉදිරිපත් කර තිබුණි.
“මගේ මානසික සෞඛ්‍යය පවත්වා ගැනීමට මම බොහෝ දේ කරනවා,” “මම කළ වැදගත්ම දෙය නම් උපදේශිකාව සමඟ කතා කිරීමයි. ඇය සමඟ කතා කිරීම ඇත්තෙන්ම පහසුය. විශේෂයෙන්ම මම දුකෙන් හෝ සතුටින් හෝ කාර්යබහුල මාසයක් මට ඉදිරියෙන් ඇත්නම් ඇය මට හොඳ උපාය මාර්ග ලබා දෙයි.”

“අද දින ඔබට සාමය සහ නිදහස ගෙනෙනු ඇත..”
යනුවෙන් ඇය විසින් සිය ඉන්ස්ටර්ග්‍රෑම් පිටුවෙහි සඳහන් කර ඇත්තේ මියයෑමට සුළු මොහොතකට පෙරදී ය..

ක්‍රිස්ට් සිය දේපළ මවට පවරමින් ලිපියක් ලියා තිබුණු බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර තිබෙනවා..

ක්‍රිස්ට් 2019 Miss USA තරඟාවලිය ජයග්‍රහණය කළේ කළු ජාතික කාන්තාවන්ට ප්‍රධාන තරඟ පහක ජය හිමිවූ වසරක දී ය.
ක්‍රිස්ට් වේක් ෆොරස්ට් විශ්ව විද්‍යාලයෙන් නීතිය සහ ව්‍යාපාර පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ද ලබා ඇති අතර තරඟ වේදිකාවට පිවිසීමට පෙර උතුරු කැරොලිනාවේ නීතිඥයෙකු ලෙස සේවය කළාය. ඇය ජවන හා පිටිය මලල ක්‍රීඩිකාවකි.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button