BREAKING NEWSEXCLUSIVE

අංගම්පොර සටන් කලා තහනම මේ වසර ඇතුළත ඉවත් කරනවා – නාමල් රාජපක්ෂ

බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් ගෙන ආ අංගම්පොර සටන් කලා තහනම මේ වසර ඇතුළත ඉවත් කිරීමට පියවර ගන්නා  බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

ගම්පහ ප්‍රදේශයේ පැවති අංගම්පොර සංදර්ශනයක් නැරඹීමට එක් වීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

ගම්පහ ඓතිහාසික පිලිකුත්තුව රජමහා විහාරස්ථානයේ දී යි මෙම අංගම්පොර සංදර්ශනය පැවැත්වුණේ. අංගම්පොර සටන් පුහුණුකරු අජන්ත මහන්තආරච්චි මහතාගේ පුහුණුකිරීම් යටතේ ශ්‍රී ලංකා ගුවන් හමුදා අංගම්පොර සටන් ශිල්ප සංචිතයේ ශිල්පීන් එය ඉදිරිපත් කළා.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් ද අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මෙහිදී අදහස් පලකළා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button