පූර්ණ එන්නත්කරණයට ලක් වූවන්ට ඕස්ට්‍රේලියා දේශ සීමා විවෘතයි

පූර්ණ එන්නත්කරණයට ලක් වූ සංචාරකයින් සදහා පෙබරවාරි 21 වෙනදා සිට ඔස්ට්‍රේලියානු දේශ සීමා විවෘතයි.විදෙස් මාධ්‍ය සඳහන් කළේ, එරට අග්‍රාමත්‍ය ස්කොට් මොරිසන් මහතා මේ පිළිබඳ නිවේදනය කර ඇති බව ය.”අපි ඔස්ට්‍රේලියාවේ දේශසීමා වසා දැමීමට තීරණය කර දැන් වසර දෙකකට ආසන්න කාලයක් වෙනවා,” යනුවෙන් අග්‍රාමත්‍යවරයා මාධ්‍ය හමුවකදී පවසා ඇත.
කොරෝනාවෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් 2020 වසරේ මාර්තු මාස ඔස්ට්‍රේලියාව සිය දේශසීමා වසා දැමුවේය.
එතැන් පටන් ඔස්ට්‍රේලියානුවන්ට රටින් පිටවීම තහනම් කර තිබුණු අතර සීමිත සංචාරකයින් පිරිසක් පමණක් රටට ඇතුළු කර ගැනීමට ඔවුහු කටයුතු කළහ.
පසුගිය වසරේ දියත් කළ කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහනත් සමග ඔස්ට්‍රේලියානුවන්ට, එරට දීර්ඝ කාලීනව සිටින පදිංචිකරුවන්ට සහ සිසුන්ට පැවති සීමා ක්‍රමිකව ලිහිලි කිරීමට ඔස්ටේලියානු රජය කටයුතු කර තිබිණි.
විදෙස් මාධ්‍ය සඳහන් කළේ, එරට ජනගහනයෙන් 79%ක් කොවිඩ් මර්දන එන්නතේ දෙවන මාත්‍රාව ලබා ගෙන ඇති බව ය.
පසුගිය සතියේ එරටින් වාර්තා වූ දෛනික කොරෝනා ආසාදිතයින් ගණන අඩු මට්ටමක පැවති අතර සඳුදා දිනයේදී වාර්තා වුණු ආසාදිතයින් ගණන 23,000ක් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
මේ අතර, නවසීලන්තය සිය දේශසීමා පියවරෙන් පියවර විවෘත කරන බව පසුගිය දා ප්‍රකාශ කර කළේ ය.