Uncategorized

සිරිල් ගාමිණි පියතුමා අත්අඩංගුවට නොගන්නා බව නීතිපති දන්වයි

සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමන් මෙම අවස්ථාවේ අත්අඩංගුවට ගැනීමේ සූදානමක් නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (08) නීතිපතිවරයා මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී දුන්නා.

තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිරිල් ගාමිණී පියතුමා විසින් ඉදිරිපත් කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද කැඳවනු ලැබූ අවස්ථාවේදී අතිරේක සොලිසිටර් ජෙනරාල් රොහාන්ත අබේසූරිය මහතා එම දැනුම් දීම සිදු කරනු ලැබීය.

විජිත් මලල්ගොඩ, පී පද්මන් සූරසේන සහ එල් ටී බී දෙහිදෙණිය යන විනිසුරු මඩුල්ල ඉදිරියේ එම පෙත්සම අද සළකා බැලුණා.

පෙත්සම වැඩිදුර සළකා බැලීම ලබන වසරේ අප්‍රේල් 07 වනදා සිදුකිරීමට නියමිතයි.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button