BREAKING NEWSEXCLUSIVEINTERNATIONAL NEWSPOLITICS
සජබ,පක්ශ 11 සහ ජවිපෙ ජනපතිගේ සර්ව පාක්ෂික සමුළුව වර්ජනය කරයි..!

ජනාධිපතිවරයා විසින් කැදවා ඇති සර්ව පාක්ෂික සමුලුවට සහභාගී නොවීමට සමගි ජන බලවේගය තීන්දු කොට තිබෙනවා.
අද පෙරවරුවේ සජිත් ප්‍රේමදාස මහතා ඇතුලු සජබෙ ජ්‍යෙෂ්ඨයන් අතර පැවැති සාකච්ජාවකදී මෙම තීන්දුවට එළඹ ඇති බව වාර්තා වනවා.
එහිදී වැඩිදුරටත් තීන්දු කොට ඇත්තේ දැනට රට තුළ උද්ගතව පවතින ගැටලු ගණනාවක් ඇතුළත් කොට ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කිරීමටත්, ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ස්ථාවරය විමසීමටත්ය.
ඒ අනුව පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් විසින් ඊට අදාළ ලිපිය මේ වනවිට කෙටුම්පත් කිරීමට කටයුතු කරමින් සිටින බව දැනගන්නට තිබෙනවා. අද පෙරවරුවේ පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමද පැවැත්වීමට නියමිතව ඇති බව සදහන්..
ජවිපෙ එය වර්ජනය කරන බව ඊයේ දැනුම් දුන් අතර, ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 විසින් ඒ සදහා නියෝජිතයින් දෙදෙනෙකු පමනක් යොමු කරන බව සදහන් කර සිටියා.