BREAKING NEWSEXCLUSIVE
ජිනීවා මානව හිමිකම් කවුන්සලයේ 49 වන සැසිවාරය අද..

ජගත් මානව හිමිකම් කවුන්සලයේ 49 වන සැසිවාරය අද (28) ස්ට්සර්ලන්තයේ ජිනීවා නුවර දී ආරම්භ වීමට නියමිතය.
මානව හිමිකම් මහා කොමසාරිස් මිචෙල් බැචලට් මහත්මියගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වන එම සැසිවාරය අප්‍රේල් මස පළමුවනවා දක්වා පැවැත්වීමට නියමිතයි.
මානව හිමිකම් මහා කොමසාරිස්වරියගේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන වාර්තාව පසුගිය දා ප්‍රකාශයට පත් කෙරුණු අතර එය එළඹෙන තුන්වනදා සභාගත කිරීමට නියමිතව තිබෙනවා.
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන විවාදය එදින පැවැත්වෙන අතර විදේශ අමාත්‍ය ජී.එල් පිරිස් මහතා මෙහිදි අදහස් දක්වනු ඇත.
යුක්රේනය සහ රුසියානු යුදමය වාතාවරණය සම්බන්ධයෙන් එම සැසිවාරයේ දී මුලිකවම අවදානය යොමුකෙරෙන අතර දෙවනුවට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මෙවර අවදානය යොමුවී තිබිමද විශේෂත්වයක්.