BREAKING NEWSEXCLUSIVEPOLITICS
පැය 10ක් විදුලිය කපන කතාව බොරු. – මහජන උපයෝගීතා කොමිෂන් සභාව කියයි.

ඉදිරියේදී පැය 10ක් දක්වා වූ විදුලි කප්පාදුවක් සිදුකිරීමේ කිසිදු අවශ්‍යතාවයක් නැතැයි ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසනවා.
සභාපති ජනක රත්නායක මහතා අද (25) පැවැති මාධ්‍ය හමුවකදී සදහන් කළේ මෙරටට අවශ්‍ය තෙල් සංචිත ලැබෙන බවටයි.
“පැය 10ක් දක්වා විදුලිය කැපීමේ අවශ්‍යතාවයක් නෑ. අවශ්‍ය තෙල් සංචිත අපිට දැන් තිබෙනවා. ඉදිරි සති කිහිපය තුළ දකුණු පළාතට පැය ගණන් විදුලිය කැපෙන තත්ත්වයේ අඩුවීමේ ප්‍රවණතාවයක් බලාපොරොත්තු වෙන්නත් පුළුවන්” යනුවෙන් ඔහු ප්‍රකාශ කලා.