තරුණ තරුණියන් ලක්ෂයකට රැකියා දෙන්න ගෝඨාගෙන් කාර්ය සාධක බලකායක්

රටේ ඉදිරි සංවර්ධන ක්‍රියාදාමය දියත් කිරීම සඳහා බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකායක් පිහිටුවීමට රජය තීරණය කර තිබෙනවා.
ඒ සඳහා සුවිශේෂී දෙපාර්තමේන්තුවක් හරහා අඩු ආදායම්ලාභී පවුල්වල අඩු අධ්‍යාපන සුදුසුකම් සහිත තරුණ තරුණියන් ලක්ෂයක් බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය හිමිවූ බවයි සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ ප්‍රකාශ කළේ.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ රැස්වීමට අද (12) එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.
එමෙන්ම, විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා දැනට භාවිත කරන ඉසෙඩ් ස්කෝර් ක්‍රමය වෙනස් කිරීමට සහ ජාතික පාසල් දහසක් නම් කිරීමට අමාත්‍ය මණ්ඩලය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් මාධ්‍ය හමුවට එක්වූ අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම අදහස් පළ කළා.
මේ අතර, තිරිඟු පිටි ආනයනික බදු කෙටි කාලසීමාවකට අඩු කිරීමට කැබිනට් අනුමැතිය හිමිවූ බවයි සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ කියා සිටියේ.
එමෙන්ම, එම්.සී.සී. හෙවත් ඇමරිකානු මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් කිරීමට රජය තීරණය කර නොමැති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ සඳහන් කළා.
මේ අතර, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නව සභාපතිවරයා ලෙස හිටපු යුද හමුදාපති විශ්‍රාමික ජෙනරාල් දයා රත්නායක පත්කර තිබෙනවා.