BREAKING NEWSEXCLUSIVEPOLITICS

5000 දීමනාව එපා කියූ ගුරු සංගම්, දැන් 5000 ලබුනෙ නෑ කියයි.

රජය පොරොන්දු වු රුපියල් 5,000 දීමනාව වැටුප ට එක්නොකිරීම තුළින් කැබිනට් මණ්ඩලයේ තීරණ පිළිබද විශ්වාසය ගිලිහි යන බව ජෝසෆ් ස්ටාලින්  අද ප්‍රකාශ කරනවා.

මෙහිදී අදහස් දැක්වූ ජෝසප් ස්ටාලිං කියා සිටියේ, “පැහැදිලිව ම කනගාටුයි. රුපියල් 5,000 නැහැ. රමේෂ් පතිරණ ඇමතිවරයා කිව්වා අපි දෙන්න තීරණය කළා කියලා සැප්තැම්බර්. පඩි හම්බවෙලා තියෙන්නේ කිසිකෙනෙක් ට රු 5,000 නැහැ. එය නොදීමෙන් ම පැහැදිලි වෙනවා කැබිනට් තීරණය පිළිබඳ තියෙන විශ්වාසනීයත්වය එතැනින්ම ඉවරයි. අපි රු 5,000 ඉල්ලූවේ නෑ. අපිට රු 5,000 එපා. නමුත් එය නොදීමෙන් කැබිනට් මණ්ඩලය ගැන තිබු විශ්වසනීයත්ව එතැනින් ඉවරයි.” යනුවෙන්

මේ අතර පොලීසිය භාර අමාත්‍යවරයා ගුරුවරුන් සම්බන්ධයෙන් කළ තර්ජනය හෙළා දකින බව පැවසූ ඔහු, වැඩිදුරටත් කියා සිටියේ දේශපාලනික අරමුණු සඳහා පොලීසිය යොදාගැනීමට අමාත්‍යවරයා ගන්නා උත්සහය රජයේ ස්ථාවරය ද යන්න පැහැදිලි කළ යුතු බවයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button