BREAKING NEWSEXCLUSIVEPOLITICS

වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා ගුරු සංගම් යළිත් නිරෝධායනය නීති නොතකා කොළඹ විරෝධතාවයේ..

ගුරු විදුහල්පති ගැටලුවලට විසඳුම් ලබාදෙන ලෙස බලකරමින් ගුරු සංගම් රැසක් එක්ව සංවිධානය කළ විරෝධතා පා ගමන කොටුව දුම්‍රිය ස්ථානයේ සිට මේ වනවිට ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට ගමන් කරමින් සිටින බව වාර්තා වේ.

මෙම උද්ඝෝෂණයට ලංකා ගුරු සංගමය, ලංකා ගුරු සේවා සංගමය, සමස්ත ලංකා එක්සත් ගුරු සංගමය ඇතුළු ගුරු සංගම් 30කට අධික සංඛ්‍යාවක නියෝජිතයෝ විශාල පිරිසක් එක්ව සිටිනවා.

මේ හේතුවෙන් මාර්ග අවහිරවීමෙන් කොටුව හා ඒ අවට ප්‍රදේශවල දැඩි රථවාහන තදබදයක් පවතින බවක්ද වාර්තා වන අතර වැටුප් විෂමතාවය ඉවත් කර ගුරු සේවය සංවෘත සේවාවක් බවට පත්කරන්නැයි බලකරමින් මෙම විරෝධතාව සංවිධානය කර තිබෙනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button