BREAKING NEWSEXCLUSIVE

ගුරුවරු පාසල් එන්න තීරණය කරයි

ලබන 21 සහ 22 වැනිදා පාසල් ආරම්භ කළ ද ඊට සහභාගි නොවීමට ගුරු – විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය අද තීරණය කර තිබේ.

කෙසේ වෙතත් ලබන 25 වැනිදා සිට තමන් පාසල්වල අධ්‍යන කටයුතු ආරම්භ කරන බව එම සන්ධානය වැඩිදුරටත් සඳහන් කළේය.

ඒ අනුව 21 වැනිදා පාසල් ආරම්භ වීමත් සමග ඉගැන්වීම් කටයුතු සඳහා සහභාගි වන්නේ ද නැද්ද යන්න පිළිබඳ තීරණය කිරීමට ගුරු – විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය අද පෙරවරුවේ විශේෂ සාකච්ඡාවක් පැවැත්විය.

“මේ රටේ පාලකයෝ හිතනවා නම්, පොලිස් ඇමතිවරයා හිතනවා නම් ඔවුන්ගේ ඉල්ලීමට නෙමෙයි අපි පාසල් අරින්නේ. ඒ නිසා අපි පාසල් අරිනවා, අපි පාසල් එනවා. ඇවිල්ලා අපි සක්‍රීයව වැඩ කරනවා. හැබැයි එතැනින් නවතින්නේ නෑ. අපේ පළමු පියවර අමාත්‍ය අනුකමිටුව විසින් නිර්දේශ කරන ලද වැටුප් පියවරයන් එක පියවරක් ලෙස එකවර ගෙවන්න. ඒ වගේම සුබෝධනී වාර්තාව ක්‍රියාත්මක කරන්න. ඒ දක්වා ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේ යෙදෙමින් අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල යෙදෙනවා කියන එක මේ රටේ පාලකයින් ට කියන්න ඕනේ. “යනුවෙන් සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ සභාපති පූජ්‍ය යල්වෙල පඤ්ඤාසේකර හිමියන් මෙහිදී වැඩිදුර අදහස් දැක්වීය.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button