BREAKING NEWSEXCLUSIVEPOLITICS
ගුරු පොකුර ක්‍රියාත්මකයි – ගුරුවරියක් කොරොනා වෛරසයෙන් මිය යයි.

කොරෝනා වෛරසය ආසාදිතව මියගිය පාසල් ගුරුවරියක් පිළිබඳව බදුල්ල රෝහලෙන් වාර්තා වෙනවා..
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඌව පළාත් සම්බන්ධීකාරක, බදුල්ල රෝහලේ වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පැවසූවේ එම කොවිඩ් ආසාදිත ගුරුවරිය අසාධ්‍ය තත්ත්වයෙන් ඊයේ (05) රෝහලට රැගෙන ආ බවය.
ඇයව රෝහල්ගත කර කෙටි වේලාවකින් ජීවිතක්ෂයට පත්වූ බවද වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පැවසීය. එලෙස ජීවිතක්ෂයට පත්වී ඇත්තේ බදුල්ල දෙමළ බාලිකා විදුහලේ සේවය කළ ගුරුවරියක් බව සදහන්..
කේ. ශාන්ති මලර් නමැති 49 හැවිරිදි එම ගුරුවරිය බදුල්ල යාම්පානම් වත්ත ප්‍රදේශයේ පදිංචිව සිට ඇත.මෙම ගුරුවරියගේ පුත්‍රයාට මීටපෙර කොවිඩ් ආසාදනය වී තිබී ඇති අතර ඔහුගෙන් ගුරුවරියට වෛරසය ආසාදනය වී ඇති බවට සැක කෙරෙනවා.
වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පැවසුවේ අදාළ පුත්‍රයා මේ වනවිට සුවය ලබා ඇති බවය.