BREAKING NEWSPOLITICS

කොරෝනා කාර්ය සාධක බලකාය අසාර්ථක බව රනිල් පාර්ලිමේන්තුවේදී කියයි

කොවිඩ් තත්ත්වය මර්දනය කිරීම සඳහා පිහිටුවා ඇති කාර්ය සාධක බලකාය සම්පූර්ණයෙන් අසාර්ථක බව එක්සත් ජාතික පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා.

කථානායක මහින්ද යාපා අබේවර්ධන ඉදිරියේ අද පෙරවරුවේ ඔහු එක්සත් ජාතික පක්ෂට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙනු ලැබුවා.

ඉන් අනතුරුව පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු ආරම්භ වූ අතර, වාචික ප්‍රශ්න ඉදිරිපත් කිරීමට ප්‍රථම සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් සභා ගර්භයේ විරෝධතාවක් ආරම්භ කළේ ඉන්ධන මිල සහ ජීවන වියදම ඉහළ යාම ඇතුලු කරුණු කිහිපයක් මුල් කර ගනිමින්.

ඔවුන් විරෝධතා පුවරු ද රැගෙන සභා ගර්භය මැදට පැමිණ, බිම වාඩිවී විරෝධතාව සිදුකරනු ලැබුවා.

විරෝධය පැවතියද සභාවේ කටයුතු අඛණ්ඩව පවත්වාගෙන ගිය අතර, ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ රුපියල් කෝටි විසි දහසක පරිපූරක ඇස්තමේන්තුව පිළිබද විවාදය අනතුරුව ආරම්භ කළා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button