GOSSIP NEWSVIRAL NEWS
රණවිරුවන් පාවා දුන් යෝජනාවලියෙන් නව රජය ඉවත් වීමත් සමග ඩයස්පෝරාව කැළඹේ

පසුගිය යහපාලන රජය විසින් සම අනුග්‍රහාකත්වය දැක්වූ ශ්‍රී ලංකාවට සහ මෙරට ආරක්ෂක හමුදාවන්ට අවාසි සහගත ජිනීවා යෝජනාවෙන් නව රජය ඉවත් වන බවට තීරණය කිරීම නිසා කොටි ඩයස්පෝරාව කලබලයට පත්ව තිබෙන බව වාර්තා වේ.
මේ අනුව කොටි ඩයස්පෝරාවේ සංවිධාන 17 ක් ඊයේ (23) ජිනීවා නුවරට පැමිණ මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැචලට් සමග සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර තිබෙන බවත් වාර්තා වේ.
මෙම යෝජනාවෙන් රජය ඉවත්වීමට තීරණය කළද පසුගිය රජය විසින් ශ්‍රී ලංකාව රජය ලෙසින් යෝජනාව සම්මත කර ඇති බැවින් බැවින් දිගටම ක්‍රියාත්මක වීමේ අවදානමක්ද මතුව තිබේ.
විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් නව රජයේ රාජ්‍ය තාන්ත්රීකයන්ගේ මෙහෙයුම වන්නේ එම යෝජනාව ක්‍රියාත්මක වීමට නොදී අහෝසි කර ගැනීමයි.