EASTINTERNATIONAL NEWS
දකුණු ඉන්දීය නළු විජේගේ නිවෙස් වටලයි – බදු නොගෙවා සඟවා ගෙන සිටි කෝටි 77 ක මුදලක් රජය බාරයට

දකුණු ඉන්දීය නළු විජේ සහ ඔහුගේ මුල්‍ය කළමනාකරු සහ තිරගත වෙමින් පවතින් Bigil චිත්‍රපටයේ නිශ්පාදනයට සම්බන්ධ සියළුම දෙනාගේ නිවෙස් ඉන්දීය අදායම් බදු දෙපාර්තමේන්තුවෙන් වටලා තිබෙනවා.
එහිදී විජේ විසින් සඟවාගෙන තිබූ කෝටි 77 ක මුදලක් රජය බාරයට ගෙන තිබේ.
තමිල්නාඩුව පුරාවටම ස්ථාන 38ක් පැය 48ක් ඇතුලත පරීක්ෂා කර තිබුණි.
Bigil චිත්‍රපටය කෝටි 300 ක් ආදායම් ලැබු අතර ඊට සමගාමීව ගෙවිය යුතු බදු නොගෙවීම මීට ප්‍රධාන හේතුවක් බව වාර්තා වේ.
දකුණු ඉන්දීය නළු විජේ සිය කලා නිර්මාණ ඔස්සේ දැඩි ශ්‍රී ලංකා විරෝධයක් ගොඩ නගනා නමුත් ඔහු දකුණු ඉන්දීය ජනතාවගේ කටයුතු වෙනුවෙන් කලාකරුවන්ගෙන් අය කරනා බදු ගෙවීම කලක පටන් පැහැර හරින නළුවෙක් ලෙස ප්‍රසිද්ධය.