BREAKING NEWSEXCLUSIVEPOLITICSSOCIAL MEDIA PICKSVIRAL NEWS

අඛන්ඩව විදුලිය දෙන්න ජනපතිගෙන් උපදෙස්..!

අඛණ්ඩව විදුලිය සැපයීමට පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සියලු පාර්ශ්වයන් වෙත උපදෙස් ලබා දී තිබෙනවා.

පවතින විදුලි කප්පාදුව සහ ඉන්ධන ගැටලුව සම්බන්ධයෙන් අද (02) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත.

මේ අතර එහිදී නිලධාරීන් විසින් ජනාධිපතිවරයා වෙත ප්‍රකාශ කර ඇත්තේ මාර්තු 05 වනදා සිට විදුලිය කප්පාදුවක් සිදු නොකරන බවය.

එසේම දිවයින පුරා සියලුම ඉන්ධනහල් වෙත ඉන්ධන බෙදාහැරීම හෙට (03) සිට සාමාන්‍ය පරිදි  සිදු කෙරෙන අතර අනිසි බියකින් ඉන්ධන එක්රැස් කිරීමෙන් වළකින ලෙස, නිලධාරීහු ජනතාවගෙන් ඉල්ලා සිටිති.

විදුලිබල සහ බලශක්ති අමාත්‍යාංශයන්හි නිලධාරීන් සමග කළ දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව ප්‍රමාදයකින් තොරව ඉන්ධන ගෙන්වීම, සංචිත පවත්වා ගෙනයාම, විදුලි උත්පාදනය සඳහා ඉන්ධන සහ ගල් අඟුරු සැපයීම අඛණ්ඩව සිදු කිරීමට තීරණය කෙරිණි.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button