CRICKETSPORTS

කොදෙව් සටනේ විස්සයි විස්ස සංචිතය නම් කෙරේ – නායකත්වය මාලිංගට

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් පිළ සමග 20-20 තරඟාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කර තිබෙනවා.

කණ්ඩායම් නායකත්වය ලසිත් මාලිංගට ලබා දී තිබෙනා අතර, ශෙහාන් ජයසූරිය සංචිතයට කැඳවා තිබෙනවා.

අසේල ගුණරත්නට හෝ උපුල් තරංගට විස්සයි විස්ස සංචිතයේත් අවස්තාව ලබා නොදීම විශේෂත්වයක්. මාර්තු 04 සහ 05 දිනවල මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී 20-20 තරඟ දෙක පැවැත්වීමට නියමිතයි.

එම සංචිතය පහතින්,

ලසිත් මාලිංග, අවිශ්ක ප්‍රනාන්දු, කුසල් ජනිත්, ශෙහාන් ජයසූරිය, නිරෝෂන් දික්වැල්ල, කුසල් මෙන්ඩිස්, ඇන්ජෙලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා, තිසර පෙරේරා, දසුන් ශානක, වනිඳු හසරංග, ලක්ෂාන් සඳකැන්, ඉසුරු උදාන, නුවන් ප්‍රදීප්, ළහිරු කුමාර

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button