ලක් රජයේ දැඩි ප්‍රතිපත්තිය ජය ගනියි – තානාපති සේවිකාව කට උත්තර දීමට සුදානම්

මෙරට රජය විසින් දිගින් දිගටම සිදු කළ බලපෑම හේතුවෙන් ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයෙහි රඳවාගෙන සිටින කාන්තාව පොලිසිය වෙත ප්‍රකාශයක් ලබාදීම සඳහා කැමැත්ත පළ කර ඇතැයි වාර්තා වේ.
මින් පෙර ස්විට්සර්ලන්ත තානාපතිවරයා ප්‍රකාශ කළේ කිසිදු ලෙසකින් මෙම කාන්තාව ප්‍රකාශයක් ලබා දීමට නිදහස් කළ නොහැකි බවත් ඇයව ස්විට්සර්ලන්තයට රැගෙන යාමට අවශ්‍ය බවත්ය.
කෙසේ වෙතත් මෙරට රජය විසින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් අදාල කාන්තාවට විදෙස් ගමන් තහනමක්ද ලබා ගත්තා. ඉන්පසුව ස්විස් තානාපති කාර්යාලය මෙරට නීතියට එපිටින් ගොස් ඇයව මෙරටින් ගෙන යාමට එරට ගුවන් යානයක්ද සුදානම් කළා.
කෙසේ වෙතත් එම ගුවන් යානයට මෙරට ගුවන් සීමාවට පැමිණීමට මෙරට රජය ඉඩ ලබා දුන්නේ නැහැ.
ඒ අනුව අවසානයේ ස්විස් තානාපති කාර්යාලය එම කාන්තාවගෙන් ප්‍රකාශ ලබා ගැනීමට ඉඩ දී තිබේ. කෙසේ වෙතත් ඔවුන් පවසන්නේ එම ප්‍රකාශය ලබා ගැනීම තම තානාපති කාර්යාල පරිශ්‍රය තුළදී සිදු කල යුතු බවය.
නමුත් රජය පාර්ශ්වයෙන් ඊට විරෝධතාවය පල කරමින් පෙන්වා දී ඇත්තේ සියලු පුද්ගලයන් පොලිසිය වෙත පැමිණ ප්‍රකාශ ලබා දෙන නිසා මෙම කාන්තාව ද එසේ කළ යුතු බවයි.
මෙම කරුණ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා පැවැත්වෙමින් ඇතැයිද වාර්තා වෙයි. තානාපති කාර්යාලයක් තුළදී ශ්‍රී ලංකා පොලිසියට නීතිය ක්‍රියාත්මක කිරීමේ දී ඉතා දැඩි ලෙස සීමාවන් පැනවෙයි.
මෙම කාන්තාවට හෙට දිනයට පෙර පොලීසියට පැමිණ ප්‍රකාශයක් ලබා දෙන ලෙස අධිකරණය විසින් නියෝගයක්ද ලබා දී ඇති අතර එය සිදු නොවුවහොත් අධිකරණ නියෝගයක් කඩ කලේ යයි නීතිය ක්‍රියාත්මක වීමක්ද සිදුවනු ඇත.