BREAKING NEWSEXCLUSIVE
සේවිකාවගේ කට උත්තරය පරස්පරයි – ස්විස් තානාපති නාටකයේ සත්‍ය හෙළිවේ.

පැහැර ගැනීමට ලක් වූවායැයි චෝදනා කරන මෙරට ස්විට්සරලන්ත තානාපති කාර්යාලයේ සේවය කරනා ශ්‍රී ලාංකික සේවිකාව විසින් එම තානාපති කාර්යාලයද නොමග යවා රඟපෑමක් සිදු කළ බව හෙළිවෙමින් තිබේ.
අදාළ කාන්තාව ඊයේ දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ලබා දුන් කටඋත්තරය මත මෙම කරුණු හෙළිවෙමින් තිබේ.
අද දිනට පෙර අදාළ සිදුවීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දෙන්නැයි මෙරට රජය විසින් අධිකරණ නියෝගයක් ලබා ගෙන එම කාන්තාවට කල නියෝගයක් මත ඊයේ දිනයේ ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටම පැමිණ මෙම ප්‍රකාශය ලබා දුන්නාය.
පැය කිහිපයක් තිස්සේ ප්‍රකාශය ලබා දුන් ඇය මාධ්‍ය මගහැර එම දෙපාර්තමේන්තුවේ පසුපස දොරටුවකින් පිටව ගොස් තිබේ.
මේ අනුව රජය විසින් අදාල සිදුවීමේ සත්‍යය හෙළිකරන අවසන් වාර්තාව නිකුත් කිරීමට නියමිතව තිබේ.