BREAKING NEWSEXCLUSIVE
ස්විස් තානාපති සේවිකාවගේ නාටකයට සහය දුන් තවත් පිරිසකගෙන් ප්‍රශ්න කිරීමට යයි

තමා පැහැරගෙන ගොස් තර්ජනය කළ බවට මෙරට ස්විස් තානාපති කාර්යාලයේ සේවිකාවක් ගොතන ලද බව කියන ව්‍යාජ සැලසුමට සම්බන්ධ එම තානාපති කාර්යාලයේම සේවය කරන තවත් සේවිකාවන් කිහිප දෙනකු ඇතුළු පුද්ගලයන් පිරිසකගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කිරීමට සුදානම් බව වාර්තා වේ.
සැකකාර කාන්තාවගේ ජංගම දුරකථනය ඔස්සේ හෙළි වූ තොරතුරු මත සහ ඇය ලබාදුන් තොරතුරු පදනම් කරගෙන මෙම පුද්ගලයන්ගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටින බවද වාර්තා වේ.
තමන් පැහැර ගෙන ගිය බවට ස්විස් තානාපති කාර්යාල සේවිකාව සිදු කළ චෝදනාව සම්පූර්ණයෙන් අසත්‍ය එකක් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වනවිට සිදු කර ඇති විමර්ශනවලින් අනාවරණය වී තිබෙන බවත් වාර්තා වේ.