රජය ඉදිරියේ ස්විස් තානාපති දන ගහයි – කට උත්තරය ලබා දීමට තානාපති සේවිකාව සී.අයි.ඩීයට!

ආන්දෝලනාත්මක ලෙසින් පැහැර ගැනීමට ලක්වූවා යැයි චෝදනා කළ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කළ කාන්තාව කට උත්තරයක් ලබා දීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ.
මින් පෙර ස්විට්සර්ලන්ත තානාපතිවරයා ප්‍රකාශ කළේ කිසිදු ලෙසකින් මෙම කාන්තාව ප්‍රකාශයක් ලබා දීමට නිදහස් කළ නොහැකි බවත් ඇයව ස්විට්සර්ලන්තයට රැගෙන යාමට අවශ්‍ය බවත්ය.
කෙසේ වෙතත් මෙරට රජය විසින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් අදාල කාන්තාවට විදෙස් ගමන් තහනමක්ද ලබා ගත්තා. ඉන්පසුව ස්විස් තානාපති කාර්යාලය මෙරට නීතියට එපිටින් ගොස් ඇයව මෙරටින් ගෙන යාමට එරට ගුවන් යානයක්ද සුදානම් කළා.
කෙසේ වෙතත් එම ගුවන් යානයට මෙරට ගුවන් සීමාවට පැමිණීමට මෙරට රජය ඉඩ ලබා දුන්නේ නැහැ.
මෙරට රජයේ එම දැඩි ප්‍රතිපත්තිය හමුවේ අවසානයේ ස්විස් තානාපති කාර්යාලය එම කාන්තාවගෙන් ප්‍රකාශ ලබා ගැනීමට එකග විය. කෙසේ වෙතත් ඔවුන් පැවසූවේ එම ප්‍රකාශය ලබා ගැනීම තම තානාපති කාර්යාල පරිශ්‍රය තුළදී සිදු කල යුතු බවය.
නමුත් රජය පාර්ශවයෙන් ඊට විරෝධතාවය පල කරමින් පෙන්වා දී තිබුනේ සියලු පුද්ගලයන් පොලිසිය වෙත පැමිණ ප්‍රකාශ ලබා දෙන නිසා මෙම කාන්තාව ද එසේ කළ යුතු බවයි.
ඒ අනුව අද පස්වරු තුනට පමණ ආන්දෝලනාත්මක ලෙසින් පැහැර ගැනීමට ලක් වූවා යැයි කියා සිටි මෙම කාන්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ.
මේ වන විට එම දෙපාර්තමේන්තුවේ නිළධාරීන් අදාල කාන්තාවගෙන් ප්‍රශ්න කරමින් සිටියි.