BREAKING NEWSPOLITICS

ස්විස් “සුදු වෑන්” නාඩගම අවසන් – CCTV දර්ශණ සමගින් ආණ්ඩුව සියල්ල හෙලි කරයි

ස්විට්සර්ලන්ත තානාපති නාටකයේ නාඩගමේ අලගිය මුලගිය තැන් ළගදීම රටට හෙළි කරන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ඔහු අව‍ධාරණය කරන්නේ මේ කුමන්ත්‍රණයේ සුලමුල මේ වන විට ආණ්ඩුව හෙළි කර‍ගෙන ඇති බවයි. අදාළ සාක්ෂි ද සහිතව සී.සී.ටී.වී දර්ශන ද සමග මෙම තොරතුරු ලගදීම රටට හෙළි කරන බව රණතුංග මහතා කීවේ ය.

මීගමුව නගර ශාලාවේ දී පැවති මීගමුව ‍ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මීගමුව ආසන බල මණ්ඩල රැස්වීමේ දී ඇමතිවරයා මේ බව සදහන් කළේය. ජනාධිපතිවරණයේ දි ලබා ගත් ප්‍රතිඵල විශ්ලේෂණය කොට ඉදිරි මහා මැතිවරණයේ දි ලබා ගත යුතු ඉලක්ක ලබා දීම සදහා රැස්වීම කැදවා තිබුණි.

ඇමති ප්‍රසන්න රණතුංග මහතා එහි දි මෙසේ ද කීවේ ය.

“ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ආණ්ඩුව අප්‍රසාදයට පත් කිරිමේ කුමන්ත්‍රණයක් මේ වන විට ක්‍රියාත්මක වෙනවා. මේ කුමන්ත්‍රණය දේශීය හා විදේශීය වශයෙන් ක්‍රියාත්මක බව පැහැදිලියි. මේ පිටුපස ඉන්නේ බටහිර රටවල්, දෙමළ ඩයස් පෝරාව හා මෙරට තුළ ඔවුන්ට කඩේ යන රාජ්‍ය නොවන සංවිධාන, දේශපාලන පක්ෂ කිහිපයක නියෝජිතයන් ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ කාන්තාවක පැහැරගෙන ගොස් ඇති බව කියවෙනවාත් එක්කම මේ නඩය ගෝඨාභය මහත්තයට හා ආණ්ඩුවට චෝදනා කරන්න වෙච්ච ඉක්මන දැක්කාම අපිට මේ සිද්ධවෙන දේ තේරුම් ගන්න පුළුවන්.

රාජිත සේනාරත්න හිටපු ඇමතිතුමා පසුගිය දා මාධ්‍ය හමුවක් තියෙමින් කිව්වා මේ කාන්තාවගේ කටට පිස්තෝලේ ඔබපු විදිහ. පරීක්ෂණ කණ්ඩායම් කියන්නේ මෙහෙම දෙයක් වෙලා නෑ කියලා. එහෙමනම් රාජිත කොහොමද මෙහෙම ප්‍රසිද්ධියේ කියන්නේ. රාජිතට කවුද මේ තොරතුරු දුන්නේ. මේ පිළිබද ව වහා පරීක්ෂණ කළ යුතුයි. රාජිත සේනාරත්න ඇමතිවරයා වහා අත්අඩංගුවට ගත යුතු ය.

මේ කුමන්ත්‍රණයේ පිටපත් රචකයන් නළු නිළියන් සහ අධ්‍යක්ෂකවරුන් කවුදැ‘යි ඉතා ඉක්මණින් රටට හෙළිදරව් කර ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට වත්මන් ආණ්ඩුව පසුබට වෙන්නේ නෑ. ඉතිහාසය පුරාම මේ වගේ පාවාදීම් අප දැක තිබෙනවා. එක්සත් ජාතික පක්ෂය කියන්නේ රට පාවාදීමට උපන් හපන් පක්ෂයක්. ඔවුන්ට ඕනෑ කෙක්කෙන් හරි කොක්කෙන් හරි නැවත ආණ්ඩු බලය ගන්න. ඒ නිසයි අද මේ අය ඔය විදිහට කුමන්ත්‍රණ කරන්නේ.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button