BREAKING NEWSEXCLUSIVE

සෞඛ්‍ය අංශයේ සංවර්ධනයට ඉන්දියාවෙන් සහය

මෙරට සෞඛ්‍ය සංවර්ධන කටයුතු ඉහළ නැංවීමට අදාළව නව ව්‍යාප්ති යෝජනා කිහිපයක් ක්‍රියාත්මක කිරීම පිළිබඳව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍ර වන්නිආරච්චි මහත්මිය සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්වරයා අතර සාකච්ඡාවක් පවත්වා තිබේ.

ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේදී ඊයේ (01) පස්වරුවේ එම සාකච්ඡාව පැවැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

පසුගියදා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර පැවැති ද්විපාර්ශවික සාකච්ඡාවලදී මෙරට සෞඛ්‍ය සංවර්ධන කටයුතු ඉහළ නැංවීමට ඉන්දීයානු රජයේ සහයෝගය ලබාදීමට එකඟතාව පළකර තිබුණි.

ඒ අනුව එම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරිය ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා හමුවී තිබේ.

එහිදී ඉන්දීයානු රජයේ සහයෝගය ඇතිව රත්නපුර ශික්ෂණ රෝහලේ හෘද රෝග ඒකකයක් පිහිටුවීමට, යාපනය ශික්ෂණ රෝහලේ මාතෘ වාට්ටු සංකීර්ණයක් ඉදිකිරීමට සහ රෝහල් කිහිපයක් සංවර්ධනය කිරීමට එකඟතාව පළ වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button