BREAKING NEWSEXCLUSIVE

මරණීය දඬුවම හිමි වූ රණවිරු සුනිල් රත්නායකට ජනපති සමාව

මිරුසුවිල් යුද හමුදා කඳවුර ආසන්නයේදී අට දෙනෙකු නැසූ බවට චෝදනා කරමින් මර ණීය දණ්ඩනය නියම කළ යුද හමුදා විශේෂ බළකායේ මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායක ජනාධිපති සමාව යටතේ නිදහස් කිරීමට නියමිතව ඇතැයි වාර්තා වේ.

මිරුසුවිල් හමුදා කඳවුර ආසන්න ප්‍රදේශයේ කළ ක්‍රියාන්විතයකදි මෙලෙසට අපරාධ සිදු කළ බව චෝදනා කරමින් මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායක ඇතුළු සෙබළුන් 14 දෙනකු අත්අඩංගුවට ගෙන තිබුණේ එවකට පැවැති රජයේ නියෝග මතය.

එම සෙබළුන් චාවකච්චේරි මහෙස්ත්‍රාත් අධිකරණයෙන් රිමාන්ඩ් භාරයට පත්කර ඇප මත නිදහස් කළ අතර කොළඹ මහාධිකරණයේ නඩු විභාගයකින් පසුව පළමු විත්තිකරු වූ සුනිල් රත්නායකට මර ණීය දණ්ඩනය නියම විය.

වසර දහතුනක නඩු තීන්දුවකින් පසුව සුනිල් රත්නායකට දණ්ඩනය නියම වූ අතර සෙසු පිරිස නිදොස් කොට නිදහස් කරන ලදී.

මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායක රිවිරැස ඇතුළු හමුදා මෙහෙයුම්වලදී රණශූර පදක්කම පවා හිමිකර ගනිමින්  සටන් කළ දක්ෂ විශේෂ බළකා භටයකු වීම ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවදානයට ලක්ව තිබේ.

එම සටන්වලදී එල්ල වූ මෝටාර්  කැබැල්ලක් ඔහු​ගේ හිස තුළ අදටත් පවතී.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button