GOSSIP NEWSVIRAL NEWS

ව්‍යාජ රියදුරා පොලීසියට ගෙන ආ ‘සුකී’ සාක්ෂි දෙයි – පාඨලීට එරෙහිව තවත් සාක්ෂියක්

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවකට එරෙහි චෝදනාවලට තවත් ප්‍රබල සාක්ෂියක් පොලිසියට ලැබී තිබේ.

මේ අනුව 2016 වසරේ දී එම අනතුර සිදු වූ දිනයේ රිය පැදවූ රණවක ඇමතිවරයා වෙනුවට වෙනත් රියදුරෙකු ඉදිරිපත් කිරීම සදහා කටයුතු කල පුද්ගලයා පොලීසියට පැමිණ ප්‍රකාශයක් ලබාදී ඇත.

අදාළ රිය අනතුර වූ අවස්ථාවේ නම් චම්පික රණවක රියැදුරා නොවන බවට සහතික කිරීම සඳහා බොරැල්ල පොලීසියට තුසිත කුමාර නම් රියදුරු ඉදිරිපත් කිරීමට ගෙන ගොස් ඇත්තේ පාඨලී චම්පික රණවකගේ පෞද්ගලික සහකාර ලෙස කටයුතු කළ මෙම පුද්ගලයා විසිනි.

හර්ෂ තිලකසිරි නම් මෙම පුද්ගලයා පාඨලී චම්පිකගේ පුද්ගලික සහකාර ලෙස කටයුතු කරනා සමයේ ඔහුගේ පෙම්වතිය ලබා ගැනීමට හිටපු ඇමති පාඨලී සිදු කළ පළිගැනීම් පිළිබඳව මාධ්‍යයට හෙළිකළේද හර්ෂ තිලකසිරි නොහොත් සුකී විසිනි.

එම සිදුවීමෙන් පසු ඔහු චම්පික රණවක ඇමතිවරයා ගේ තර්ජනය හේතුවෙන් රටින් පිට වී ගොස් ඇති අතර මෑතක සිදුවූ ආණ්ඩු වෙනසින් පසු ඔහු ශ්‍රී ලංකාවට පැමිණ සිටී.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් මේ වනවිට ඔහු පොලිසියට සියලු සිදුවීම සඳහන් කර ඇති අතර තමන් එදින චම්පික රණවක ඇමතිවරයා වෙනුවෙන් තුසිත කුමාර නම් රියදුරා ඉදිරිපත් කිරීමට බොරැල්ල පොලිසියට ගෙන ආ බව ඔහු තම ප්‍රකාශය මගින් පැහැලිදිව සඳහන් කර ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button