BREAKING NEWSEXCLUSIVE

“ආණ්ඩුවේ දේශපාලන බලපෑම් වලට බය වෙලා ඉල්ලා අස් වෙන්නේ නෑ” සුහද ගම්ලත් තද තීරණයක.!

වත්මන් රජයේ අමාත්‍යවරුන් සහ ජවිපෙ නායක අනුර කුමාර දිසානායක ආදීන් අරලියගහ මන්දිර‍යට රැස්වී ගෝඨාභය රාජපක්ෂ මහතා නීතියට පිටින් අත්අඩංගුවට ගැනීමට නීතිපති දෙපාර්තමේන්තුවට බලපෑම් කළ අන්දම හිටපු සොලිස්ටර් ජෙනරාල් සුහද ගම්ලත් මහතා විසින් හෙළිකිරීම කතාබහට ලක්වුනා.

ඒත් සමගම ඔහු දරනා තනතුරින් ඉවත් විය යුතු බවට වත්මන් රජයෙන් විශාල බලපෑමක් ඒ මහතාට එල්ල වූවා.

කෙසේ වෙතත් මේ පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍ය චාන්ද්‍රානි බණ්ඩාර පසුගියදා සදහන් කළේ එම හේතුව නිසා සුහද ගම්ලත් මහතා වර්තමානයේ දරනා වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරියේ සභාපති තනතුරෙන් ඉල්ලා අස් විය යුතු බවයි.

කෙසේ වෙතත් සුහද ගම්ලත් මහතා දේශපාලන බලපෑම් හේතුවෙන් සිය තනතුරින් ඉල්ලා අස් වීම ප්‍රතික්ෂේප කරන බවට ආරංචි මාර්ග සදහන් කරනවා.

වරදක් කර නොමැති තමන් දේශපාලන බලපෑම් හේතුවෙන් කිසිඳු අවස්තාවක තනතුරින් ඉල්ලා අස් වන්නේ නොමැති බවට ස්ථාවරයක ඒ මහතා සිටිනා බවද වාර්තා වේ.

වත්මන් රජයේ අමාත්‍යවරුන් දෙදෙනෙකු වන රාජිත සේනාරත්න සහ පාඨලී චම්පික රණවක සහ ජවිපෙ නායක අනුර කුමාර දිසානායක නීති විරෝධි ලෙස සිය බලය භාවිතා කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමට නීතිපති දෙපාර්තමේන්තුවට බලපෑම් කළ අයුරු සතිඅන්ත පුවත්පතක් සමග සංවාදයකට එක්වී සුහද ගම්ලත් මින්පෙර හෙළිකළා.

සබැඳි පුවත් : අනුර කුමාර, රාජිත, පාඨලී එක්ව ගැසූ ගේමක් – ව්‍යාපාරිකයෙකුගේ කොන්ත්‍රාත්තුවකට ඇවන්ට්ගාඩ් විනාශ කළ හැටි.!

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button