BREAKING NEWSEXCLUSIVE
මවට, පියාට අනවශ්‍ය බිළිදුන් තබා යන්න වෙනම කාමරයක් – මවගේ තොරතුරුත් අනවශ්‍යයි

මව්පියන් භාර ගැනීමට අකමැති අලුත උපන් බිළිඳුන් විසිකර දැමීම වැළැක්වීම සඳහා සෑම රෝහලකම වෙනම කාමරයක් ස්ථාපිත කරන ලෙසට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය රජයට යෝජනා කර තිබෙනවා.
එවැනි දරුවන් විසිකර දැමීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව අධිකාරිය පෙන්වා දෙනවා.
රෝහල්වල ඉදිකෙරෙන මෙම කාමරයට දරුවා භාර දීමේදී මවගේ තොරතුරු ලබා ගැනීමක්ද සිදු නොකරන ලෙසට යෝජනා කර තිබෙනවා.
ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මෙම යෝජනාව ලබා දී ඇත්තේ ළමා සහ කාන්තා කටයුතු අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියටයි. මේ සඳහා නීති ප්‍රතිපාදන සකස් කළ යුතු බවද පෙන්වා දී තිබෙනවා.