BREAKING NEWSEXCLUSIVE

පොදු ස්ථානයන්හිදී එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීමට දැඩි අධ්‍යනයක්

යුරෝපානු රටවල් ක්‍රියාත්මක කරන ඉතා යහපත් තත්ත්වයක පවතින මෙම වැඩපිළිවෙල ශ්‍රී ලංකාවේද ක්‍රියාත්මක කිරීම පිළිබඳ අවදානය යොමුව ඇති බවයි.එහිදී පොදු ස්ථානයන්හිදී එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීම පිළිබඳ ශ්‍රී ලංකාව දැඩි අධ්‍යනයක යෙදෙන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා.
සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ කැනෙඩියානු මහ කොමසාරිස්වරයා මුණ ගැසුණු අවස්ථාවේදියි. එහිදී කැනේඩියානු මහ කොමසාරිස් ඩේවිඩ් මැකිනන් පවසා ඇත්තේ කැනඩාවේ පොදු ස්ථාන කරා ඇතුලු වීමේදී පූර්ණ එන්නත්කරණ කාඩ්පත අනිවාර්්‍ය කර ඇති බවයි.මේ අතර මෙරට කොරෝනා මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ තවත් පුද්ගලයින් 6,596 දෙනෙකුට බූස්ටර් එන්නත් මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ඊයේ දිනයේදී ලබා දී තිබෙනවා. ඒ අනුව මේ දක්වා මෙරට පුද්ගලයින් 28,520 දෙනෙකුට බූස්ටර් එන්නත් මාත්‍රාව ලබාදී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ.පුද්ගලයින් 7,323 දෙනෙකුටම ලබාදී ඇත්තේ ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාවයි. ඊයේ දිනයේදී ලබාදී ඇති සමස්ථ දෙවැනි එන්නත් මාත්‍රා ගණන 1,944 ක්.
ඊයේ දිනයේදී තවත් පුද්ගලයින් 7,632 දෙදෙනෙකුට මෙරට භාවිත කරන කුමන හෝ කොරෝනා මර්දන එන්නතක පළමු මාත්‍රාව ලබාදී තිබෙනවා.

 

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button