BREAKING NEWSEXCLUSIVEINTERNATIONAL NEWSPOLITICSVIRAL NEWS

සීතල යුද්ධය ඇරඹෙයි. – චීනයෙන් ඇමරිකාවට දැඩි සම්බාධක..!

චීනය ඇමරිකාවට සම්බාධක පනවන බව පසුගිය අඟහරුවාදා ප්‍රකාශ කරනු ලැබුවා.

චීනය ඇමරිකාවට එකට එක කිරීමක් වශයෙක් මෙ සේ සම්බාධක පනවා තිබෙනවා. චීනයේ සිංජිඈං ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවල බලයෙන් යොදවා ගනු ලබන බව කියන ශ්‍රමිකයින් ලවා කෙරෙන නිෂ්පාදන ආනයනය කිරීම පසුගිය දා වොෂිංටනය විසින් තහනම් කරනු ලැබුවේය.

ඊට එකට එක කිරීමක් වශයෙන් ඇමරිකන් පාලන අධිකාරියේ ජාත්‍යන්තර ආගමික නිදහස පිළිබඳ කොමසමේ නිලධාරීන් සිව් දෙනකු අරභයා චීනය මෙසේ සම්බාදක පනවා තිබෙන බව සදහන්.

යථෝක්ත කොමසමේ සභාපතිනි නාදිනී මේන්සා,නියෝජ්‍ය සභාපතිනි නූරි ටර්කල් සහ සාමාජිකයින්වන අනුරිමා භාරගාවෝ සහ ජේම්ස කාර් යන සිව් දෙනාට චීන දේශයට,හොංකොං සහ මැකෝ යන නගරවලට පා තැබීම ද තහනම් කරමින් සම්බාධක පනවා තිබේ.

මෙ පමණක් නොව චීනයේ ඇති ඔවුන් සිව් දෙනාට අයත් දේ පොළ පවා තහනමට ලක් කර ඇතැයි චීන විදේශ අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක ශාවෝ ලිජියෑං ප්‍රකාශ කලා.

චීනයේ සිංජියෑං කර්මාන්ත ශාලාවල බලයෙන් යොදවා ගනු ලබන ශ්‍රමිකයන් ලවා නිෂ්පාදනය කරවා ගන්නා භාණ්ඩ ආනයනය පමණක් නොව ලබන පෙබරවාරියේ බෙයිජිං නගරයේ පැවැත්වීමට නියමිත “වින්ටර් ඔලිම්පික්” ක්‍රීඩා උළෙල පවා වර්ජනය කරන ලෙසට ඇමරිකානු සමාජ ක්‍රියාකාරීහු ජෝ බයිඩන් ගේ ආණ්ඩුවට බල කරනු ලබනවා.

තම කර්මාන්තශාලාවල බලයෙන් ශ්‍රමිකයන් යොදවා ගන්නා බවට කෙරෙන ඇමරිකානු චෝදනාව මීට පෙරද කීපවතාවක්ම ප්‍රතික්‍ෂේප කළ චීනය විදේශයේ නිෂ්පාදිත පාවහන් සහ ඇඳුම් පැළැඳුම් ආනයනය කිරීම ප්‍රසිද්දියේම තහනම් කෙළේ ද ඇමරිකාවට එකටෙක කිරීමක් වශයෙනි.

සින්ජිඈං ප්‍රදේශයේ වෙසෙන උයිගර් සහ වෙනත් මුස්ලිම් සුළුජාතිකයින් පිරිසට නිරන්තරයෙන් චීන පාලනය හිරිහැර කරන බව කියන ඇමරිකාව එම පිරිස් බලයෙන් රඳවාගෙන සිටින බවටද එම පිරිසේ කාන්තාවන් ගැබ් ගත් කල්හි බලහත්කාරයෙන් ගබ්සාවවට ලක්කරන බවට ද ඇමරිකාව චෝදනා කරයි.

සින්ජිඈං ප්‍රදේශයේ පාලනාධිකාරියේ සභාපති වශයෙන් 2018 ආරම්භයේ සිට 2020 මුල් භාගය දක්වා රාජකාරි කළ ෂෝරත් සාකි සහ එවකට නියෝජ්‍ය සභාපතිවැ සිට මේ වන විට සභාපති වශයෙන් රාජකාරි කරන එර්කන් තුනියාස් යන දෙදෙදෙනාට ඇමරිකාව පසුගිය දහ(10)වැනිදා එ සේ චෝදනා කරමින් සම්බාදක පැනෙව්වේය.

“ඇමරිකාව පැනවු සම්බාදක ඉවත් කර ගත යුතුයි, සින්ජිඈං ප්‍රදේශයේ කෙරෙන කටයුතු ගැන සෙවීමත් නැවැත්විය යුතුයි.චීිනයේ අභ්‍යන්තර කටයුතුවලට කෙරෙන ඇඟිලි ගැසීම් ද ඇමරිකාව වහා නැවැත්විය යුතුයි.එසේ නැත හොත් ඒවාට උත්තර දෙන්නත් චීනය ලෑස්තියි”යනුවෙන් චීන විදේශ අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක ශාවෝ ලිජියෑං ප්‍රකාශ කෙළේය.

සමාජ ජාලා සටහනක් ඇසුරෙනි.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button