BREAKING NEWSEXCLUSIVE

කොවිඩ් ආසාදිතයින් ගැන තොරතුරු සඟවන්නන්ට දැඩි නීතිමය ක්‍රියාමාර්ග

ඇතැම් රාජ්‍ය ආයතන සහ පෞද්ගලික ආයතනවලින් වාර්තා වෙන කොවිඩ් ආසාදිතයින් පිළිබදව සෞඛ්‍ය අංශ වෙත දැනුම් නොදී සඟවාගෙන තබා ගන්නා බවට තොරතුරු ලැබී ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයෙහි සභාපති, උපුල් රෝහණ මහතා සඳහන් කළේ මින් ඉදිරියට එසේ ආසාදිතයින් සඟවා තබා ගන්නා කුමන තරාතිරමක ආයතනයක් හෝ පුද්ගලයෙක් වුවද දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවයි.

“අපිට පේන්න තියෙනවා ඇතැම් රාජ්‍ය ආයතන සහ පෞද්ගලික ආයතන තුළ කොවිඩ් ආසාදිතයින් වාර්තා වුණාම ඒ ආයතන පවත්වාගෙන යෑමේ ගැටලු නිර්මාණය වෙන නිසා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගවලින් බැහැරව කටයුතු කරන අයුරු. ඔවුන් PCR හෝ ඇන්ටිජන් පරීක්ෂණ සිදු නොකර සෞඛ්‍ය බලධාරීන්ටත් නොදන්වා ආසාදිතයින්ව රහසිගතව සඟවාගෙන කටයුතු කරන ආකාරයක් පේන්න තියෙනවා. මේ තත්ත්වය නිසා එම ආයතනවලින් සේවා ලබාගැනීමට යන සාමාන්‍ය ජනතාව ආසාදිතයෝ ලෙස වාර්තා වෙනවා. සෞඛ්‍ය ආයතන තුළත් මේ තත්ත්වය අපිට වාර්තා වෙලා තියෙනවා. සියලුම ආයතන බැඳිලා ඉන්නවා තමන්ගේ පරිශ්‍රය තුළ ආසාදිතයෙක් වාර්තා වුණොත් සෞඛ්‍ය අංශ දැනුවත් කරන්න. කුමණ තරාතිරමක සෞඛ්‍ය ආයතනයක් වුණත් කුමණ තරාතිරමක පරිපාලන නිලධාරියෙක් වුණත් අදාළ කොට්ඨාසයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට හෝ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියාට මේ සම්බන්ධයෙන් දැනුවත් කරේ නැත්නම් මින් ඉදිරියට අපි නෛතික ක්‍රියාමාර්ග ගන්නවා. රට පුරා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු මේ සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවෙනවා. සංචරණ සීමා අද දිනයේ ඉවත් කරාට අපි මතක තියා ගන්න ඕනේ අහඹු PCRවලින් වැඩි වශයෙන් ආසාදිතයින් වාර්තා වී තිබෙන බව. ඒ කියන්නේ හඳුනා නොගත් විශාල ආසාදිතයෝ පිරිසක් සැරිසරනවා කියන එක.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button