BREAKING NEWSEXCLUSIVEPOLITICS

කොවිඩි නීති නොතකා උද්ඝෝෂණ කරන්න්නන්ට එරෙහිව තරාතිරම නොබලා අද සිට දැඩිව නීතිය. – ඇමති වීරසේකර

විපක්ෂය රට පුරා ගෙන යන උද්ඝෝෂණය මාලාව මගින් යළිත් කොරෝනා රැල්ලකට රට අතවනන බව අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසනවා.

“සමගි ජන බලවේගය හෙට අනිද්දා ලොකු උද්ඝෝෂණයක් කරන්න හදනවා. ඇයි මේ උද්ඝෝෂණය කරන්න හදන්නේ රටක් දියුණු කරන්න ද ? රටේ ජනතාවට සෙත සලසන්න ද ? නැහැ රෝගය ව්‍යාප්ත කරලා නැවත වතාවක් මේ රට අගාධයට පත් කරන්න. ඒකට අපි පොලිසිය වශයෙන් ඉඩ දෙන්නේ නැහැ .අධිකරණයෙන් හෙට ලබා දෙන නියෝගය අනුව ,පොලිසිය කටයුතු කරනවා. කවුරු මොන තරාතිරමේ හිටියත් ,කවුරු කටමැත දෙඩෙව්වත්,ඔවුන්ට විරුද්ධව නීති නීතිය දැඩිව ක්‍රියාත්මක කරනවා” යැයි මහජන ආරක්ෂක අමාත්‍ය රියාද් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පැවසීය.

“විපක්ෂයේ කාර්යභාරය විය යුත්තේ අපි සමග එකතු වෙලා .මේ වසංගතය පැරදවීම මිසක් ,වසංගතය සමඟ එකතු වෙලා රජය පැරදවීම නොවෙයි.කවුරු කෙසේ කීවත් පොලිසියේ බාර ඇමතිවරයා හැටියට. මම ඒකට ඉඩ දෙන්නේ නැහැ . අධිකරණ නියෝගයක් ආවොත් අනිවාර්යෙන්ම ඒ නීති විරෝධී ජනරාශි ජන රැලි නීති විරෝධී උද්ඝෝෂණ අපි අනිවාර්යෙන්ම නවත්තනවා .නවත්තලා ඒක කරන්න මූලික වන අයට අපි නඩු දානවා. පොලිසිය කරන්නේ නීතිය හා සාමය රකින එක .පොලිසියට යම් නියෝගයක් දීලා තියෙනවා නම් ඒ නියෝගය පිළිපදිනවා .සෞඛ්‍ය බලධාරීන් තමයි අධිකරණයට ගිහින් තියෙන්නෙ .මේ වගේ උද්ඝෝෂණවලින් ජන රැළිවලින් මේ රෝගය ව්‍යාප්ත වෙන්න පුළුවන්.තවත් රැල්ලක් ඇති වන්න පුළුවන් ,එතකොට රටේ ජනතාවට මොකද වෙන්නේ ,එතකොට ස්වයං රැකියා කරන අයට කර්මාන්ත ශාලා පවත්වාගෙන අයට මොකද වෙන්නේ පසුගිය අවුරුද්දේ හිටිය වගේ ඉන්න වෙනවා .රටකට මොකද වෙන්නේ.” යනුවෙන් අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කලා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button