BREAKING NEWSEXCLUSIVE

සංචරන සීමා කඩ කල වුන් මහමඟ දණ ගැස්වූ සෙඹලුන් ගැන දැඩි විනය පරීක්ෂනයක්

සංචරණ සිමා උල්ලංඝනය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් එරාවුර් ප්‍රදේශයේ විදියක යුද හමුදා සාමාජිකයින් විසින් සිවිල්වැසියන් කිහිප දෙනෙකුට හිරහැර කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇත.

යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ උපදෙස් පරිදි එම විමර්ශන සිදු කෙරේ.

හමුදාවේ ගෞරවය සහ විනයට පටහැනි වන ලෙස කටයුතු කරමින් හමුදා සාමාජිකයින් විසින් සිවිල් වැසියන් කිහිප දෙනෙකුට හිර හැර කරන බව සඳහන් වන ඡායාරූප කිහිපයක් ඊයේ දිනයේ සාමාජ මාධ්‍ය ඔස්සේ පළවී තිබුණි.

ඊට සම්බන්ධ සියලු හමුදා සාමාජිකයින් එම රාජකාරියෙන් ඉවත් කර වෙනත් ස්ථානවෙත අනුයුක්ත කර ඇති බව සඳහන් ය.

ඒ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් ශ්‍රී ලංකා යුද හමුදා පොලීසිය විසින් ආරම්භ කර ඇති අතර එම පරීක්ෂණවලින් අනතුරුව ඔවුන්ට එරෙහිව දැඩිවිනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ද යුද හමුදාපතිවරයා නියෝග කර ඇති බව යුද හමුදාව පවසයි.

අදාළ පුද්ගලයින්ව මෙම හමුදා භට පිරිස් නියෝග කර තිබෙන අයුරු දැක්වෙන ජයාරූප කිහිපයක් සමාජ මාධ්‍යජාලාවල ඉතා වේගයෙන් හුවමාරුවී තිබිණ.

මේ සිදුවීම සම්බන්ධයෙන් මේ වන විටත් යුද හමුදා පොලිසිය විසින් විධිමත් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව හමුදාව පවසයි.

සම්පූර්ණ විමර්ශන අවසන් වූ පසු සියලුම හමුදා නිලධාරීන්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා බව යුද හමුදාව පවසයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button