ශිහාන් මිහිරංග ගැන කතාවක්

ශිහාන් මිහිරංග එදා ලැබූ ජනප්‍රියත්වය අද වනවිට ගරුත්වයක් දක්වා පෙරළා ගැනීමට ඔහු සමත් ව ඇත. තරු අතර මා දුටු එකම “විශිෂ්ඨතම තරුව” ශිහාන් බව අවිවාදයෙන් කිව යුතුය.
වරක් ශිහාන්ගේ “ඇස ගැටෙනා” ගීතය සජීවී ගායනාවකදී වේදිකාවට කැඳවාගෙන ආ යුවතියකට එකල තරුණියන් කී දෙනෙක් ඊර්ශ්‍යා කරන්නට ඇතිද?
එද තරුණියන්ගේ “සිහින කුමාරයා” වූ ශිහාන් මිහිරංග අද වන විට ” ශිහාන් සර්” වී තිබෙන්නෙ ඔහුගේ හැකියාවට එහා ගිය ගුණාංග සමුදායක් නිසාය.
අද බිහිවන්නට වෙර දරන තරු උත්සාහ කළ යුත්තේ සිය කිරුළේ පළවෙනියා ලෙස ජයගෙන නිහඬ වීම නොවන බව ඉගෙනීමට ඇති ජීවමාන සාක්ශිය ශිහාන් මිහිරංග ය.
ශිහාන් අවසන් වරට අලුත් නිර්මාණයක් කර ඇත්තේ අවුරුදු දෙකකට පෙර විය යුතුය. ට්‍රෙන්ඩින් මාපකයේ ශිහාන්ගේ ගීතයක් තිබුණු කාලයක් ගැන මට නිනව්වක් නැත. නමුත් ශිහාන් තවමත් ජනයාට ප්‍රිය ය.
තරුවක් ලෙස මිය යන්නට ලැබීම භාග්‍යයකි. නමුත් ආදරණීය කලාකරුවෙකු ලෙස මිය යන්නට ලැබීම පෙර පිනකි.
ඔය දෙකම එකම කලාකරුවෙකුට පිහිටීමට කිව යුත්තේ කුමක් දැයි මම නොදනිමි.
ශිහාන් මිහිරංග යනු වර්තමාන සංගීත ලෝකයේ එක්තරා සංධිස්ථානයක් බැව් කියා නිහඬ වෙමි.
ශිහාන්, ඔබට ජයෙන් ජයම වේවා! <3
Gihan Sameera Gallage