GOSSIP NEWSVIRAL NEWS
STF මෙහෙයුම් දැඩි වේ – රිදීමාලියද්දේ පුපුරණ ද්‍රව්‍ය ගබඩාවක් අත්අඩංගුවට.!

රිදිමාලියද්ද ප්‍රදේශයේ අනාරක්ෂිත ආකාරයෙන් පුපුරණ ද්‍රව්‍ය ගබඩාකරගෙන තිබූ ස්ථානයක් විශේෂ කාර්යය බලකා නිලධාරින් විසින් වටලා පුපුරණ ද්‍රව්‍ය හා පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
රිදිමාලියද්ද ,දියකොබලයන ප්‍රදේශයේ පවත්වාගෙන ගිය කළුගල් කොරියක් මෙලෙස විශේෂ කාර්යය බලකා නිලධාරින් විසින් වටලා තිබෙනා අතර අනාරක්ෂිත ආකාරයෙන් ගබඩා කර තිබූ විදුලි ඩෙටනේටර් 20ක්, විදුලි නොවන ඩෙටනේටර් 1585ක්, ඇමෝනියම් නයිට්ට්‍රේට් කිලෝ 135ක්, සේවා නූල් මීටර් 570ක්, හා ස්කැවේටර් යන්ත්‍රයක් අත්අඩංගුවට ගෙන ඇත.
සිදුවීම පිළිබඳ වැඩිදුර පරීක්ෂණ බුත්තල විශේෂ කාර්යය බළකා කඳවුරේ නිළධාරීන් විසින් සිදු කරයි.