BREAKING NEWSEXCLUSIVE

STF නවතම ඒකකය “දියමත විශේෂ මෙහෙයුම් ඒකකය“

ශ්‍රී ලංකා පොලීසියේ, විශේෂ කාර්ය බළකාය  (STF) වෙත “දියමත විශේෂ මෙහෙයුම් ඒකකය“ නමින් නව ඒකකයක් පිහිටුවා තිබෙනවා.

විවිධ ප්‍රදේශවල ජලය හා ජලාශ ආශ්‍රිතව සිදුකරන නීති විරෝධී ක්‍රියා මැඩපැවැත්වීමට ඉදිරියේ දී මෙම නව ඒකකයේ සහය ලබා ගැනීමට නියමිතය.

විශේෂ කාර්ය බලළකායේ නිලධාරීන් 16දෙනෙකු ගෙන් යුතුව මෙම “දියමත විශේෂ මෙහෙයුම් ඒකකය“ බලකාය පිහිටුවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

මේ ඒකකයට බෝට්ටු පුහුණුව ද ලබා දී ඇති අතර, මේ සඳහා එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ ආයතනය හා ශ්‍රී ලංකා මෝටර් බෝට්ටු සංගමයේ සහයත් ලබා දී තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button