BREAKING NEWSEXCLUSIVE

ජෛව සුරක්ෂිතතාව රැකගනිමින් කෘෂිකර්මාන්තය නගා සිටුවිමට පියවර

කුමන පාර්ශව කුමන චෝදනා කළද රටේ ජෛව සුරක්ෂිතතාව ආරක්ෂා කර ගනිමින් කෘෂිකර්මාන්තය නගා සිටුවීම සදහා රජය කටයුතු කර ඇති බව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා.

කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව තුළ පිහිටුවනු ලැබූ ශාක නිරෝධායන නව ඒකකය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමිනුයි අමාත්‍යවරයා මේ බව සදහන් කළේ.

නව ඒකකය මගින් රටේ ජෛව සුරක්ෂිතතාව තහවුරු කිරීම සදහා විශාල සහයක් ලැබෙනු ඇති බවද ඒ මහින්දානන්ද අලුත්ගමගේ මහතා පෙන්වා දුන්නා.

මෙම අවස්ථාවට ජන මාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම,ජන මාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් ජගත් පී විජේවීර, තැපැල්පති රංජිත් ආරියරත්න යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button