BREAKING NEWSEXCLUSIVEPOLITICS

GSP+ රැකගැනීම උදෙසා ත්‍රස්ත්‍රවාදය වැලැක්වීමේ පනත සමාලෝචනයට පියවර..

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සමාලෝචනයට සහ ජාතීන් අතර ඒකාග්‍රතාව ඇති  කිරීම සඳහා ශ්‍රී ලංකා රජය ගෙන ඇති  පියවර සම්බන්ධයෙන් යුරෝපා සංගමය දැනුවත් කිරීමට විදේශ කටයුතු අමාත්‍යාංශය කටයුතු කර තිබෙනවා.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සමාලෝචනය සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත්කිරීමට කිරීමට ජුනි 21 වනදා යෝජනාවක් සම්මත වී තිබුනා.

එසේම ඒ සඳහා නිලධාරින්ගෙන් සමන්විත කමිටුවක්ද ජුනි 24 වනදා පත්කරන ලද අතර, ජුනි 24 වනදා බන්ධනාගාර ගත කර සිටි එල්.ටී.ටී.ඊ රැඳවියන් පිරිසක්ද නිදහස් කළ බව විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් යුරෝපා සංගමයට දැනුම් දී තිබේ.

එම නිවේදනයේ තවදුරටත් දැක්වෙන්නේ GSP සහනය සම්බන්ධයෙන් වන එකඟතා සම්බන්ධයෙන්ද රජය නිරන්තරයෙන් යුරෝපා සංගමය සමඟ අදහස් හුවමාරු කර ගන්නා බවය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button