BREAKING NEWSPOLITICS
පිළිකාකාරක අඩංගු ආනයනික පොල්තෙල් ප්‍රතිඅපනයනයට පියවර

ඇෆ්ලටොක්සීන් නැමැති රසායනික ද්‍රව්‍ය අඩංගු බවට තහවුරු වී ඇති ආනයනික පොල්තෙල් තොගය දින 03 ක් ඇතුළත ප්‍රතිඅපනයනය සඳහා පියවර ගන්නා බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසනවා. ඒ සඳහා අවශ්‍ය නෞකා ශ්‍රී ලංකා රේගුව මගින් සූදානම් කර ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ.වෙළඳපොලේ පවතින පොල්තෙල්වල ප්‍රමිතිය පිළිබඳ පාරිභෝගිකයින් බිය විය යුතු නොමැති බව ද රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මෙහිදී කියා සිටියා.
දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකින්ම සාම්පල 05 බැගින් පොල්තෙල් සාම්පල 125 ක් මේ වනවිට පරීක්ෂණ සඳහා යොමු කර තිබෙනවා. ඉන් සාම්පල 55 ක පරීක්ෂණ කටයුතු දැනටමත් අවසන් අතර එම සාම්පලවල ඇෆ්ලටොක්සීන් රසායනිකය අඩංගු නොවන බව පැහැදිලි වන බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ