BREAKING NEWSEXCLUSIVE
සිංහල අලුත් අවුරුද්දට පෙර අත්‍යවශ්‍ය භාණ්ඩ අඩු මිලට හිඟයකින් තොරව ලබාදීමට පියවර

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් එළඹෙන සිංහල අලුත් අවුරුද්දට පෙර අත්‍යවශ්‍ය භාණ්ඩ අඩු මිලට හිඟයකින් තොරව ලබාදීමට මුදල් අමත්යවරායගේ ප්‍රධානත්වයෙන් අන්තර් අමාත්‍යාංශ කමිටුවක් පත්කර තිබෙන බව සමුපකාර සේවා, අළෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා කියා සිටියා. වතු කම්කරු පවුල් සඳහා රුපියල් 80.00 බැගින් මාසකට තිරිඟු පිටි කිලෝ 15ක් ලබාදිමේ නිල උත්සවය තලවකැලේ මැදකුඹුර වතුයායේදී ඊයේ (20) පැවැති අවස්ථාවේ මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අලගියවන්න මහතා මේ බව ප්‍රකාශ කළේය.