BREAKING NEWSEXCLUSIVE

කහ අපනයනයට පියවර…

රජය ලබා දුන් සහනාධාර යටතේ කහ වගා කල ගොවීන්ගේ අස්වනු ඒ ආශ්‍රිත නිශ්පාදන අලෙවි මණ්ඩලය මගින් මිල දී ගැනීමට කටයුතු කිරීම සම්භන්ධයෙන් ගොවි ජනතාව ජනාධිපති ගෝඨාභය මැතිතුමාට සහ රජයට සිය ප්‍රසාදය පලකර සිටී. කහ වගා කරුවන් වෙනුවෙන් ජනපති ගෝඨාභය මැතිතුමා ගත් ක්‍රියාමාර්ගය යතාර්ථයක්ම කරමින් එවැනි වගා කටයුතු සිදු කල බලංගොඩ කපුගල හඳගිරිය ප්‍රදේශ වල ජනතාව අද සරු අස්වැන්නක් ලබා ගනිමින් සිටී. කහ ආනයනය කිරීම නතර කිරීමෙන් පසු දේශීය වශයෙන් කහ වගාව ප්‍රචලිත කිරීමට රජය පියවර ගනු ලැබීය.

කහ මෙටි්‍රක් ටොන් 5,000 ක් අපනයනය කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බව උක්, බඩඉරිඟු, කජු, ගම්මිරිස්, කුරුඳු, කරාබු නැටි බුලත් ඇතුලු කුඩා වැවිලි භෝග වගා සංවර්ධන, ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර ප්‍රකාශ කළා.

එසේම මෙරට කුරුඳු සහ ගම්මිරිස් ඵලදාව ඉහළ නැංවීම සඳහා රුපියල් ලක්ෂ 1,500 ක් පමණ වෙන් කර ඇති බවයි ඔහු කියා සිටියේ.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button