BREAKING NEWSPOLITICS
මහින්ද මතක් වේ යැයි බියෙන් – කතරගම පෙරහැරේ දුටුගැමුණු රජ ප්‍රතිමාව ගෙන යාම යහපාලනයෙන් තහනම් කරලා

මහින්ද රාජපක්ෂ මහතා මතක් වේවි යැයි බියවී යහ පැවැති යහපාලන ආණ්ඩුව විසින් කතරගම පෙරහැරේ දුටුගැමුණු රජුගේ ප්‍රතිමාව ගෙනයාම තහනම් කළ බව රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක පූජ්‍ය කපුගම සරණතිස්ස හිමියෝ සඳහන් කලහ.
එවකට බුද්ධ ශාසන ඇමැතිවරයා ලෙස කටයුතු කළ ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා දුරකතනයෙන් අමතා තමනට මේ බව දැනුම් දුන් බව ද උන්වහන්සේ පැවසූහ.
නමුත් තමන් වහන්සේ විසින් වගකීම ගෙන එය පෙරහරේ වැඩම කර වූ බව ද උන්වහන්සේ පැවසූහ.
සරණතිස්ස හිමියන් මේ බව කියා සිටියේ නව වසර වෙනුවෙන් ආශීර්වාද ලබා ගැනීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතා එම විහාරස්ථානයට ගිය අවස්ථාවේදී ය.