BREAKING NEWSEXCLUSIVEPOLITICS

රාජ්‍ය බැංකු පද්ධතිය කඩා වැටීමේ අවදානමක් නෑ – ශෙහාන්

රාජ්‍ය බැංකු පද්ධතිය කඩා වැටීමේ කිසිදු අවදානමක් මතුව නොමැති බව ක්ෂුද්‍ර මූල්‍ය රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා සිදුකළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින්.

මූල්‍ය සේවා සඳහා එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පත හෙවත් වැට් බද්ද අද පාර්ලිමේන්තුවේදී විවාදයට ගත් අතර, සංශෝධන සහිතව එය සම්මත වුණා.

මෙමගින් 2022 ජනවාරි පළවනදා සිට ක්‍රියාත්මක වන පරිදි මූල්‍ය සේවා සැපයීම මත එකතු කළ අගය මත බද්ද සියයට 15 සිට සියයට 18 දක්වා ඉහළ නැංවීමට යෝජනා කළා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button