BREAKING NEWSEXCLUSIVEPOLITICS
දර ලිපේ ඉව්වම කාන්තාවන්ගේ ආයු කාලය වැඩි වෙනවා – සරත් වීරසේකර

නවීන, පිරිසිදු බලශක්ති භාවිත කරන දියුණු රටවල මිනිසුන්ගේ ආයු කාලයට වඩා දර භාවිත කරන මෙරට කාන්තාවන්ගේ ආයු කාලය ඉහළ බව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී සරත් වීරසේකර පවසනවා.
ඊයේ පාර්ලිමේන්තුවේ දී ඔහු අදහස් දක්වමින් මේ බව පවසා සිටියා.
“නවීන පිරිසිදු බලශක්ති ඉන්ධන පරිහරණය කරන දියුණු ධනවත් රටවල මිනිස්සුන්ගේ ආයු කාලය වසර 80යි සහ 85යි.නමුත් ලංකාවේ ගෑස් මිල දී ගැනීමට අපහසු දර පරිහරණය කරන කාන්තාවන්ගේ ආයු කාලය වසර 80.1යි. ඒ කියන්නේ ලංකාවේ සමහර දර්ශක දකුණු ආසියාවේ ඉහළ ම තැනට පත්ව තියෙනවා. එයින් පෙන්වන්නේ දර පාවිච්චිය රටේ සංවර්ධනයට මිස පරිහානියට හේතු වී නැති බව යි.”