BREAKING NEWSEXCLUSIVEPOLITICS

කිසිවෙක් බඩගින්නේ තියන්නේ නෑ – අගමැති

ඉදිරි කාලයේදි ලාංකීය ජනගහනයෙන් ලක්ෂ 40 ත් 50 ත් අතර පිරිසකට ආහාර අර්බුදය සෘජුව බලපෑ හැකි වුවත් එය පාලනය කර ගැනීමට අවශ්‍ය කටයුතු සකස් කරන බව අද (17) පෙරවරුවේ ආහාර සුරක්ෂිතතතාවය පිළිබඳ වූ කමිටුව රැස්වු අවස්ථාවේදී අගමැතිවරයා සදහන් කර තිබෙනවා.

විශේෂයෙන්ම කුඩා දරුවන් සහ වැඩිහිටියන් පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන මෙන් අගමැතිවරයා නිලධාරින්ට උපදෙස් දුන් බවයි අගමැති මාධ්‍ය අංශය සඳහන් කළේ

ආහාර සුරක්ෂිතතා වැඩසටහන යටතේ දිවයිනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 336 සංවර්ධනය කර ඉලක්ක කරා ගෙන යාමට නායකත්වය සැපයීම සඳහා කොට්ඨාස 225ක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් ඉතුරු කොටස අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු ඉහළ නිලධාරීන්ටත්, පෞද්ගලික අංශයටත් බෙදා භාර දිය යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එහි දී සඳහන් කර තිබෙනවා.

ධීවර ප්‍රජාවට අවශ්‍ය ඉන්ධන, ගෑස් මෙන්ම කෘෂිකර්මාන්තයට අවශ්‍ය ඉන්ධන ද ලබා දීමට ප්‍රමුඛත්වය දෙන ලෙස අගමැතිවරයා එහි දී ප්‍රකාශ කළ බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය සඳහන් කළේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button